සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපුටාගේ අවුරැද්ද!

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
crow
Share on FacebookShare on Twitter

 

columමෙවර අලුත් අවුරැද්දට කොහා කෑ ගැහුවේ ‘කපුටු කාක් කාක් කාක්’ කියාය. ‘කපුටට පුළුවන් ද ගයන්න කොවුලා වගේ?’ කියා කතාවට කිව්වට මෙදා පාර අවුරැද්දෙ තමයි තේරැණේ කපුටු නාදයේ මිහිර. වෙනටද කොහා කෑගැහුවා කියා මිනිසුන් කෑ ගසන්නේ නැත. ස්වබාවධර්මයා සමග සංහිදියාව තීව්‍ර වී කපුටු හඩට මිනිසුන් ශබ්දනගා පිළිතුරැ දුන් ප්‍රථම වසර ලෙස මේ අවුරැද්ද දැනටමත් ඉතිහාස ගත වී තිබේ.

මෙය ඉතිහාසයේ පෙරළිකාරම අවුරැද්ද වන බවට දැනටමත් සනාථ වී ඇත. තුන් හෙළේ කැළෑ තුළ නිද්‍රෝපගතව උන් සිංහයන් අවදිකරන්නට කලකට පෙර පැමිණි අය කෙමෙන් මහජනයා කැලෑවට තල්ලු කළහ. ඒ කැළෑවෙන් එළියට පැමිණි පිරිසක් මහමුහුද අසල ජනාවාසයක් ඉදිකරගෙන ශිෂ්ටාචාරය නැවත ආරාම්භ කිරීමේ ව්‍යායාමයක නිරත වෙති. වනයේ වෙසීම ලජ්ජා සහගත බැව් වටහා ගන්නා පිරිස් අලුත් ජනාවාසයට ඇවිදින් යති.

මෙවර අවුරැද්ද වෙන කවර අවුරැද්ද වාගේ හෝ වන්නේ නැත. ගෑස් ලිපෙන් සූස් ගගා කිරි උතුරවන්නට දැන් ගෑස් නැත. එබැවින් පුරාණ වත් පිළිවෙත් අනුව දර ලිපක් බැද කිරි උතුරවාලීමට සිදු වී තිබෙයි. දේශිය ගවයන් සහ එළදෙනුන් මිලයන කිහිපයක් තවමත් ඉතිරි වී සිටිය හැකි බැවින් උතුරන්න කිරි හිගයක් ඇති වීමට හේතුවත් නැත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

තිලෝව දෙතුන් සීය බැගින් හාල් ද සීය පන්නපු පොල් ද නිසා ආනයනය කළ චීන අලුත් හාල් මංගල්‍යයේ කිරි බතට ඉහළම වටිනාකමක් ලැබෙන්නේ මෙවරය. තෙල් පිටි සීනි මිල දැරිය නොහෙන නිසා හොදම වැල්ලෙන් තැනූ කෝම්පිට්ටු වලින් මෙවර අවුරැදු මේසය සරසා ගන්න. නොබෝ දිනකින් පොළොවෙ පස් කන්නට නියමිත නිසා එය සංඛේතීය වටිනාකමක් ඔබේ ආහාරයට එකතු කරනු ඇත.

ලංකාවට ඉහළින් යන හිරැ මීන රාශියෙන් මේෂ රාශියට ද අනතුරැව ගෝඨ රාශියෙන් ගෝත රාශියට සංක්‍රමණය වීම නිසා, ලබන්නාවූ අවුරැද්දේ ඵල අඵල ගැන කතා කිරීමම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් අහසේ තරැ අල්ලා බල්ලට දමා බල්ලො දියවන්නාවට දමා, අලුත් හෙටක් ගැන හිතීම නව වසරේ සුබ ඵල ලබා දෙනු නිසැකය.

නව වසරට සුබ වර්ණය වසරින් වසර මාරැ වෙනු දශක ගණනාවක් දැක තිබුණක් කෙදිනක හෝ ඒ ශුභ පැහැය කලු වනු දැක නැත. මෙවර නව වසරේ සුබ වර්ණය කලු වුවත් , මෙතරම් පැහැබර බලාපොරොත්තු සහගත වර්ණයක් ඉතිහාසයේම නොවූ වග නොකිව මනාය. රෙදි හෝදන්න විදුලිය නැති නිසාත් නොසෝදා කැමති වාරයක් පැලැදිය හැකි නිසාත් ආදි වශයෙන් කාල වර්ණයේ ඇති තත්කාලීන අමතර උයෝගීතාවයන් ද බොහොමයකි.

මෙවර මරැ සිටි දිසාව මිරිහානය. බලාපොරොත්තු නොවූ ග්‍රහ මාරැවක් නිසා මරැ එතැනින් විතැන් වී ඇති වගත් මරැය. මෙවර අයි.එම්.එෆ්. හා ලෝක බැංකුව සිටින කවර දිසාව වුවත් සුබය. උතුරින් පිහිටි ඉන්දියාවත් නරක නැත. කෙසේ වෙතත් මතු යහපත තකා ඉදිරි වැඩ තකා ඉදිරියම බලා වැඩ ඇල්ලීම යහපති.

වැඩ ඇල්ලීමේ දී ගණු දෙනු සම්බන්ධයෙන් අප රජයේ පූර්වාදර්ශය ගුරැ කොට සැලකිය යුතුය. මෙවර ගණු මිසක් දෙනු පිළිබද වැඩිය තැකිය යුතු නොවේ. දෙනු සියල්ල නැවත දැනුම්දෙනතුරැ තාවකාලිකව අත්හිටවීම වඩාත් සුදුසුය. තමන් බංකොලොත් යැයි අනෙක් පාර්ශවය අවලාද නැගුවත් ඒවා සතපහකට මායිම් නොකර සිනා සිසී සිටිය යුතුය.

හිස තෙල් ගෑම සදහා අල හෝ කැවිලි බැද ඉතිරි වූ තෙල් ඇතොත් භාවිත කිරීම කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොකරන බව පාදෙනිය පවසා සිටියි. එබැවින් අමාරැවෙන් සොයාගත් ඩීසල් හෝ පෙට්‍රල් තෙල් හිස ගල්වා එයම ගිනිදැල්වීමට සිතා සිටියේ නම්, ඩීසල් සහ පෙට්‍රල්වලට මේ අවස්ථාවේ ඇති වටිනාකම සලකා එලෙස නොකරන ලෙසද ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නෑගම් යන්න පෙට්‍රල් ඩීසල් නැති නිසා පුරාණ ක්‍රමය අනුව බර කරත්ත භාවිත කළ හැකි නම් යෙහෙකි. කරත්තයක් ඇත්නම් බැද ගන්න ඕන තරම් ගොන්නු ඔබ අප අවට තවමත් සිටිති. හැතැප්ම හත අටක කෙටි දුරක් නම් පා ගමනින්ම යාම ඔබේ ඇගේ තෙල අඩු වීමටත් හේතු භූත වනු ඇති බව රජයේ වෛද්‍යවරැන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් නෑගම් යද්දි කැවුම් කොකිස් කැවිලි කේක් බිස්කට් වලට මුදල් නාස්ති කොකර මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය භාණ්ඩයන් වන පෙට්‍රල් ලීටරයක් දෙකක්, පොඩි ගෑස් ටැංකියක් හෝ සූර්ය බලයෙන් දැල්වෙන විදුලි බුබුලක් රැගෙන යා හැකි නම්, එය හත්මුතු පරම්පරාවක තරහ මරහ අමතක කිරීමට තරම් සුබ කාරණයක් විය යැකි බව සලකන්න.

අවුරැදු උත්සවයේ අවුරැදු කුමාරයා දැනට ගම හරහා හැටට හැටේ දුවමින් සිටින අතර සැගවුණු අමුත්තාත් ඔහුම බව ඔහුවත් නො දනී. ගම හරහා දුවන මේ දිවිල්ල රට හරහා දිව ගොස් සත් සමුදුරැ මහද්වීප තරණය කොට අත්ලාන්තිකාවෙන් එහා උතුරැ ඇමරිකාවට වැදී සදා සැගව ගන්නේ නම්, මහජනයාගේ අලුත් අවුරුදු පැතුම ද එයම වන බැව් අවුරැදු කුමාරයාට වැටහෙන්නේ නැත.

අරගලය තමන්ගේ නොවන නිසා නිකං බලන් ඉන්න, තරැණ තරැණියන් ලිස්සන ගහේ ග්‍රීස් ඉවත් කළ පසු කොඩිය ගන්න හීන මවන විපක්ෂයට ද දෙන්නට අවුරැදු පණිවිඩයක් ඇත. ලබන්නාවූ නව වසර තොපට ද කිරියෙන් පැණියෙන් උතුරන සුබ එකක් වන්නේ නැත.

කපුටු කාක් කාක් කාක්…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෞභාග්‍යමත් වසකරකට ජනපති අගමැති ජනතාවට ආසිරි පතති…

Next Post

අයි.එම්.එෆ්. යන ලංකාවේ විශේෂඥයන්ගේ ඉල්ලීම මත ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝගය කල් යයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.