ඇෆ්ගනිස්තානයේ කුන්දුස් හා ටක්හාර් යන ප්‍රාන්තවල පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නතර කර දමා තිබේ.
ඒ එම වැඩසටහනේ නිරත වී සිටි සෞඛ්‍ය සේවකයන් ඉලක්ක කරගෙන සිදුවූ වෙඩිතැබීමේ සිදුවීම් මාලාවක් හේතුවෙනි.
මෙහිදී පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සම්බන්ධ වී සිටි සෞඛ්‍ය සේවකයන් අටදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.
ප්‍රාන්ත දෙකේදී වෙඩි තැබීමේ සිදුවීම් හතරක් වාර්තා වී ඇති බවත් ඉන් තුනක්ම වාර්තාවන්නේ කුන්දූස් පළාතෙන් බවත් ටොලෝ නිවුස් වාර්තා කරයි.
එම සිදුවීම් තුනේ දී සෞඛ්‍ය සේවිකාවන් සිව්දෙනෙකු ද මියගොස් තිබේ.
දශක ගණනාවක් පැවති යුද්ධය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණය වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකිව පවතී.
මේ හේතුවෙන් පෝලියෝ රෝගය එරට දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර එය පාලනය කිරීම සදහා අලුතින් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් දියත් කර ඇතත් ඒවා ඒවාට ද නිරතුරැවම මෙළෙස බාධා එල්ල වෙමින් තිබේ.







