ක්‍රිකටුත් රටේ හැටියට ය. දෙවැනි තරගයත් කඩුලු 07කින් පරාදය. ඒත් සමගම තරගාවලියත් කලින්ම පරාදය.
පුරවැසියන් ලෙස අනෙක් හැම පරාජයක්ම මෙන් ක්‍රිකට් පරාජයන් ද දීර්ඝ ලෙස දරා ගැනීමට හුරු විය යුතුව තිබේ.
ධර්මශාලා ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ ඉන්දියාව. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 183ක් ලබා ගත් බව සැබෑය. පැතුම් නිශ්ශංක හතරේ පහර 11ක් සමග පන්දු 53ක දී ලකුණු 75ක් ලැබීය. ධනුෂ්ක ගුණතිලක හයේ පහර දෙකක් හා තරේ පහර හතරක් සමග ලකුණු 38ක් ලබාගෙන තරග හතකින් පසු මුල් වරට යම් තරමක් සාර්ථක වුනේය. දසුන් ශානක පන්දු 19ක දී හයේ පහර 05ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 47ක් ලබා ගත්තේය.
එහෙත් ලකුණු 183ක ඉලක්කය බේරා ගැනීමට තරම් වෘත්තීය බවක් පන්දු රැකීම තුළ හෝ පන්දු යැවීම තුළ නොවීය. උඩ පන්දු අත් හරිමින් එක ලකුණ ලකුණු 02ක වෙන්නට හැර අන්තර් ජාතික ක්‍රීඩා විචාරකයන්ගේත් අවඥාවට ලක්වෙමින්, එක දිගට වයිඩ් පන්දු යවමින් දිනාගත හැකි ජාත්‍යාන්තර තරග නැත.
ඉන්දියාව ලකුණු 183ක ඉලක්කය පන්දු 17ක් ඉතිරිව තිබිය දී කඩුලු තුනක් පමණක් දැවී ලබා ගත්තේය. ෂ්‍රෙයාස් ලියර පන්දු 44ක දී නොදැවී ලකුණු 74ක් ලැබුවේය. ඔහු හතරේ පහර හයක් හා හයේ පහර හතරක් එල්ල කළේය. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 45ක් ලබා ගත්තේ පන්දු 18කිනි. ඔහු හතේ පහර 07ක් හා එක් හයේ පහරක් එල්ල කළේය.
ලහිරු කුමාර පන්දු ඕවර 3ක දී ලකුණු 31ට කඩුලු 2ක් බිඳ හෙළුවේය. දුෂ්මන්ත චමීර ලකුණු 39කට කඩුල්ලක් බිඳ හෙළුවේය.