යුක්රේනවට සෑම දිශාවකින්ම දැඩි ප්‍රහාර එල්ල කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නියෝග දී තිබේ.
කියෙව් පාලන තන්ත්‍රය සාකච්ඡා සඳහා සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් පසුව, මෙහෙයුමේ ප්‍රධාන දිශාවන්හි ප්‍රහාර අත්හිටුවන ලද බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
යුක්රේන පාර්ශවය සාකච්ඡා ක්‍රියාවලිය අතහැර දැමීමෙන් පසුව, මෙහෙයුම් සැලැස්මට අනුකූලව සෑම දිශාවකින්ම ප්‍රහාර දියත් කරන ලෙස දැන් සියලුම ඒකකවලට නියෝග කර තිබේ.
යුක්රේන ජනාධිපති උපදේශකයෙකු අද (26) විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ යුක්රේනය සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බවට කෙරෙන රුසියානු චෝදනාව බැහැර කළේය.
රුසියානු ආක්‍රමණය මොස්කව් බලාපොරොත්තු වූ තරම් වේගයෙන් ප්‍රගතියක් නොලබන බව බටහිර නිලධාරීන් පැවසීමෙන් පසුව මෙම ආක්‍රමණ තීව්‍ර කිරීමට තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍යය කියයි.
පෙන්ටගනය පවසා ඇත්තේ මේ වනවිට රුසියාව සිය සිය හමුදා ශක්තියෙන් සියයට පනහක්වත් මේ වනවිට යුක්රේන් ආක්‍රමණය වෙනුවෙන් ස්ථාපිත කර ඇති බවය.
රුසියාවේ බෙල්ගොරොද් නගරයට දකුණින් සිටි CNN කණ්ඩායම විසින් අද (26) පස්වරුවේ යුක්‍රේන දේශසීමාව අසල රුසියානු තාපජ බහු රොකට් විදිනයක් දැකගත ඇත. මේ අති බිහිසුණු ප්‍රතිපල අත් කර දෙන යුද අවියකි.