ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් නියෝජනය කරන වෘත්තිකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අද (01) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩ ගෙන යන්නේද තාවකාලිකව නතර කරනවාද යන්න පිලිබඳව අද සවස රැස්වන වෘත්තීය සමිති නයකයින තීරණය කරනු ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමේය සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේය.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක DAT දීමනාව සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අනෙකුත් වෘත්තිකයන්ටද ලබා දෙන මෙන් ඉල්ලා සිටි නමුත් රජයේ කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් මේ සදහා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුන් බැවින් අකමැත්තෙන් හෝ වැඩ වර්ජනයන්ට අවතීර්ණ වීමට සිදු වූ බව හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මෙම දීමනාව ලබා දීම සදහා අවසාන තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බැවින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ලැබෙනු ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කීය.
දිවයින පුරා රෝහන්වල ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ව රොහල් වෙත යොමු කර ඇති නමුත් ප්‍රතිකාර ඒකකයන් වෙත රෝගීන්ව රැගෙන යාමට එම සාමාජිකයින්ට නොදන්නා බැවින් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල්වල සැලසුම් කළ සැත්කම් බෙහෝමයක් ඇනහිට ඇති බැවින් හා සායනික කටයුතු අඩාල වි ඇති බැවින් රෝගින් අසීරුවට පත්ව ඇතැයිද වාර්තාවේ.
වැඩ වර්ජනය දියත් වුවද රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයන් සහ ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, මධ්‍යම ලේ බැංකුව, සුපුරුදු ලෙස ක්‍රියාත්මක වනු ඇත.







