2024 ජනවාරි 23 සහ 24 යන දෙදින විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (01) අත්සන් කළේය.
ඒ අනුව එම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන අන්තර්ජාල ආරක්ෂණ පනත ලෙස ක්‍රියාත්මක වේ.
අද සිට බලාත්මකවන මෙම පනතට එරෙහිව අවසන් මොහොතේදීත් සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීහු සිය බලවත් විරෝධය දැක්වූහ.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත(OSB), සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මෙම පනත් කෙටුම්පත, කිසිදු පාර්ශවකරුවෙකු සමග සාකච්ඡාවකින් තොරව, ඉතා හදිසියේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශද නොසලකා, පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් බවත් ඔවුහු කිහ.
ඇමරිකා එකසත් ජනපදය ද මෙම පනත සම්මත කරගැනීම පිළිබඳ දැඩි කනස්සල්ල පල කළේය.







