හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ඒ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව අද (01) දිනයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවූ අවස්ථාවේ දී ය.
එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.







