ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හෙට (2දා) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව අද (01) දිනයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවූ අවස්ථාවේ දී ය.
මේ වනවට අදාල නඩුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාශංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත. එන්නත් තොගය සැපයූ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය, වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර, වෛද්‍ය සැපයුම් අංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂ එච්.බී හේරත් මේ වනවිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරත කර තිබේ.
මෙම නඩුවට අදාලව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් දෙවන වරටත් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දි තිබීම හේතුවෙන් ඊයේ දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් ඔහුට ඊයේ දැනුම් දුන්නේය.
නමුත් සෙඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැත. තමන්ට ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබිණි.
මේ තත්ත්වය තුළ රට පුරා විවිධ මට්ටමින් විරෝධතා ඇති කරමින් සිවිල් සංවිධාන බලකර සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල අත් අඩංගුවට ගන්නා ලෙසය.
ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඊයේ (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව මෙම සත්‍යග්‍රහ සංවිධානය කළේය.
අනතුරුව මේ පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ශාන්තිකර්මයක් පවත්වා පොල් ගසා කෙහෙළිය රඹුක්වැල්ල අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් “කෙහෙළිය ගෝ ගම” නමින් විරෝධාවයක් ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය කළ විනාඩි 10ක් තුළ පොලිසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැර සිවිල් ක්‍රියාකාරීන් 09 දෙනෙක් අත් අඩංගුවට ගත්තේය. එම සමාජ ක්‍රියාකාරීන් 9 දෙනා අද ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.







