සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භූමිතෙල් මිල වැඩි වීම සුළු පන්න ධීවරයින් නොමරා මරන හැටි ධීවර සංගම් කියයි!

by editor
පෙබරවාරි 1, 2024
in පුවත්
Boats
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

භුමිතෙල් ලිටරයක මිල රුපියල් 26කින්  ඉහල දැමිම නිසා  මෙරට සුළු පන්න ධිවර කාර්මිකයින්ගෙන් සියයට 70ක් පමණ ඉදිරියේ දි ධීවර රක්ෂාවෙන් ඉවත්විමේ අවදානමක් පවතින බව  සමස්ත ලංකා  පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක  රත්න ගමගේ  පවසයි.  

භුමිතෙල් මිල වැඩිකිරිම සුළු පන්න ධිවර කාර්මිකයින්ට එල්ල කළ මරු පහරක් බවත් මෙම තත්වය නිසා සුළු පන්න ධිවර කර්මාන්තයෙන්  සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ දහයක් පමණ  වු ප්‍රජාව  දැඩි අසරණ  තත්වයට පත්ව ඇති බවද   හෙතෙම පවසයි.

ගාල්ලේ අද (01) පැවති මාධ්‍ය හමුවකදි  භුමිතෙල් මිල වැඩිකිරිම පිළිබද අදහස්  දක්වමින් ජාතික සංවිධායකවරයා මෙසේ ද කිවේය.

“මෙරට මත්ස්‍ය අස්වැන්නෙන්  වැඩි දායකත්වයක් ලබාදෙන්නේ සුළු පන්න ධිවර කාර්මිකයින්. ඔවුන් වෙරළ ආශ්‍රිත මුහුදු තිරයේ රැකියාව කරමින් තම දරු පවුල් නඩත්තු කිරිම සදහා  දැඩි අරගලයක් කරණවා. සුළු  පන්න කරන ධිවර බෝට්ටු මෙරට 35000ක්පමණ තියෙනවා. භුමිතෙල් මිල මෙතරම් ගණනකින් ඉහළ යාම සුළු පන්න ධිවර කාර්මිකයින්ට දරාගන්න බැහැ. ඉදිරියේ දි මෙම බොට්ටු වෙරළ තිරයේ ගාල්කොට තිබේවි. ධිවරයින් මුහුදු  රක්ෂාවේ යන එකක් නැහැ.

සුළු පන්න ධිවර කාර්මිකයෙකුට මුහුදු රක්ෂාවේ යාම සදහා දිනකට භුමිතෙල් ලිටර් 40ක් පමණ අවශ්‍ය වෙනවා. භුමිතෙල් මිල  වැඩිවිම නිසා  සුළු පන්න ධිවර කාර්මිකයෙකුට දිනකට රුපියල් 1000ක පමණ අමතර  මුදලක් දැරිමට සිදුවෙනවා. මිට අමතර රුපියල් 600ක මුදලකට තිබු ලිහිසි තෙල් ලිටරයක මිල රුපියල් 2200 දක්වා වැඩිවෙලා තියෙනවා.  ඉන්ධන කෑම බිම ඇතුළු අනිකුත් වියදම් සමග සුළු පන්න ධිවර කාර්මිකයෙකුට  එක් දිනකට මුහුදු රක්ෂාවේ යාම සදහා රුපියල් 35000ක පමණ මුදලක් වැයවෙනවා.  

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එක් මුහුදු ගමනක් සදහා මෙතරම් විශාල මුදලක් වියදම් කළත් ලැබෙන මත්ස්‍ය අස්වැන්න අඩු බව ධිවරයින් කියනවා. අප රජයට බලකරලා කියනවා. සුළු පන්න ධිවර කාර්මිකයින් සදහා භුමිතෙල් සහනාධාරයක්  ලබාදෙන්න කියලා. එහෙම නැතිවුනොත් ධිවරයින් සමග පාරට බැහැලා දැවැන්ත විරෝධයක් ආරම්භ කරනවා..

ඉන්ධන මිල වැඩි කළත් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස අට තුලදි  රුපියල් බිලියන  88.6ක ශුද්ධ ලාභයක් වාර්තාකොට   තියෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන්  වෙනවා. 

එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ  පළමු මාස අට තුල වාර්තාවු  රුපියල් බිලියන  632ක් වු අලාභයට  සාපේක්ෂව මෙම  ශුද්ධ ලාභය වාර්තාවි තියෙනවා.

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව  පසුගිය මාස අට තුළදි රුපියල් බිලියන 88 ලාබයක් ලබා  තිබියදි එම වාසිය පාරිභෝගික ජනතාවට ලබානොදි  ඉන්ධන මිල වැඩිකිරිම පාරිභෝගික ජනතාවට එල්ල කළ මරු පහරක්”    සමස්ත ලංකා පොදු ධිවර  සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ    වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 Easy Cash සහ M-Cash කරන්න ගිය 316ක් මත්ද්‍රව්‍ය ජාවාරමට සැක පිට අත් අඩංගුවට!

Next Post

කෙහෙළියට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස අධිකරණ නියෝගයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.