මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩි වශයෙන් භාවිතා කරන ක්‍රම ලෙස හෙළි වී ඇති Easy Cash සහ M-Cash වැනි ක්‍රමවේදයන් හරහා සිදුවන ජාවාරම් කරුවන්ගේ මුදල් සම්ප්‍රේක්ෂණ මැඩලීමට බුද්ධි නිළධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ඊයේ (31) සවස 4 සිට 8 දක්වා ක්‍රියාත්මක වූ බව මහජන ආක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහිදී Easy Cash සහ M-Cash මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන (communication) 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වානිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකර තිබිණි.
එහිදී පුද්ගලයින් 316 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20 ක් සහ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු සිටින බවට හඳුනාගෙන ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කරයි.







