සමන්ති වීරසේකර –
-
කිසිම නෛතික බලපත්‍රයක් නෑ….
-
හිමිකරුවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ….
-
ක්‍රෂර් 30න් 25කට ලයිෂන් නෑ…
-
සේවකයන් වහල් සේවයේ යොදවලා… එක් අම්මා කෙනෙක් අවුරුදු 42ක් දවස් පඩියට වැඩ…
මහනුවර එළුගොඩ පාරේ රාජගිරිවත්තේ රජයේ ඉඩමක පවත්වාගෙන යමින් සේවකයින් වහල් සේවයේ යොදවනවා යැයි කියන මහා පරිමාණ ගල්වල පවත්වා ගෙන යෑම සඳහා නෛතිකව අවශ්‍ය කිසිම බලපත්‍රයක් සොයා ගත නොහැකි වූ බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
තුන්සියයට ආසන්න සේවක පිරිසක් වැඩෙහි යොදවා ඇති මෙම ගල්කොරියේ හිමිකරු ඉදිරිපත් නොවී අදිසිලෙස සිටින අතර ගල්කොරිය තුළ සිටින පුද්ගලයින් 25 දෙනෙක් මෙහි කැඩෙන ගල් ප්‍රමාණය බෙදා ගන්නා බව හෙළි වී ඇත. මින් පුද්ගලයින් 21ක් උඩු නුවර හා 04ක් පේරාදෙණියේ පදිංචිකරුවන්ය.
එසේ බෙදා ගන්නා ගල් එළුගොඩ පාර අවට ඇති ගල් ක්‍රෂර් 30කට ප්‍රවාහනය කර කඩා ගන්නා නමුත් මෙම ක්‍රෂර් 30න් බලපත්‍ර ඇත්තේ 25කට පමණක් බව හෙළි වී ඇත.
ඛේදවාචකය වන්නේ මේ ගල්කොරියේ සේවයෙහි යොදවා ඇති කිසිම සේවකයෙක් රජයේ අනුමත කිසිම සේවක වරප්‍රසාදයක් නොලැබීමය.
“ එක අම්මා කෙනෙක් මෙතන වැඩ කරනවා. ඒ අම්මා මේ කොරියෙ වැඩ කරන්නෙ අවුරුදු 42ක් තිස්සෙ… තව අවරුදු 32ක් තිස්සේ වැඩ කරන 03 දෙනෙක් ඉන්නවා. අවරුදු 25ක් වැඩ කරන 04ක් ඉන්නවා. අවුරුදු 20ක් වැඩකරන 08ක් ඉන්නවා… කිසිම සේවක අයිතියක් නැතිව, ඊපීඑෆ් ඊටීඑෆ් නොදී රක්ෂණ ආවරණයක් නැතිව මේ මිනිස්සු දවස් පඩියට වැඩ කරනවා… අනෙක කිසිම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් මෙතන නෑ… මේ වැඩෙහි යෙදවීම නීති විරෝධීයි…“ කම්කරු නිලධාරීහු ලංකාසරට කීහ.
ගල්කොරියේ කතාව තවත් කියවන්න…
මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි