රජයේ නිල නිවේදන ප්‍රකාරව මෙතෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් වාර්තා වූ මුලු කොවිඩ් ආසාදියන් සංඛ්‍යාව 733කි.
අද දිනය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයන් 496ක් වාර්තා විය.
ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස දකුණේ ප්‍රධාන ධීවර වරාය වන ගාල්ල සහ බේරුවලින් ද ආසාදිතයන් වාර්තා වූයේය. ඒ ගාල්ලෙන් 05ක් හා බේරුවලින් 20ක් ලෙසිනි.
ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ පැතිරී යන කොවිඩ් අවදානම හමුවේ අද හැටන් නගරයේ පිහිටි සියලුම මත්ස්‍ය වෙළෙඳල් වසා දැමීමටත් සියලුම වෙළෙන්දන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කිරීමට සැලසුම් කිරීමටත් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිසිය හා එක්ව කටයුුතු කළහ.
හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන විත් අලෙවි කිරීමය.