හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත පවසයි.
ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසුවේය.
විදුලි පාරිභෝගිකයන් ලෙස කෝටි 7ට ආසන්න පිරිසක් රට පුරා සිටින බවද ඒ අතරින් ලක්ෂ 39කට විදුලි සම්බන්ධතා බිඳ වැටුණ බවද ඔහු පැවසුවේය.
ඔවුන්ගෙන් 85%ට පමණ මේ වන විට යළි විදුලි සම්බන්ධතා ලබා දීමට හැකිවි ඇති බව සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.
ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වූයේය. මේ වනවිට එයින් 14,549ක් යළි ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
ඉතිරි බිඳ වැටුණ සම්බන්ධතාද කඩිනමින් යථාවත් කරන බවද මෙම ක්‍රියාවලියේදී එක් විදුලි සේවකයෙක් ජීවතක්ෂයට පත් වු බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේය.
රාජකාරිය අතර දී දිවි හැර ගිය මෙම තරුණ සේවකයා පිළිබඳව සාමාන්‍යාධිකාරිවරයා සිය සාතිශය සංවේගය පළ කළේය.







