දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිටත් යුද හමුදාවේ 25400ක්, නාවික හමුදාවේ 688ක්, ගුවන් හමුදාවේ 2226ක් ලෙස ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 28317ක් මේ මෙහොතෙවනවිටත් ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතවන බව විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ ප්‍රකාශ කළේය.
මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සහ ගුවන් යානා 13ක් ඉන්දීය ගුවන් යානා 02ක් ක්‍රියාත්මක බව පවසන බ්‍රිගේඩියර්වරයා ඉන්දියාවෙන් පැමිණි 73කුගෙන් සමන්විත යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක්, 81 දෙනෙකුගෙන් සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායමක් 37කගෙන් සමන්විත පාලම් සවි කිරීමේ කණ්ඩායමක් මෙහෙයුම් හා එක්වී සිටින බව අනාවරණය කළේය. පාලම් සවි කිරීමේ කණ්ඩායම් අඩි 110 බැගින් වූ ක්ෂණිකව සවි කළ හැකි පාලම් 02ක් ද රැගෙන විත් ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයට අනුව මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් ආරක්ෂක හමුදාවේ වාහන 11ක් සමගින් 76ක සහන සැලසීමේ කණ්ඩායමක්, පකිස්ථාන යුද හමුදාවේ 47 දෙනෙකුගෙන් යුතු ගලවා ගැනීමේ කණ්ඩායමක් ජපානයෙන් 31 දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන වෛධද්‍ය කණ්ඩායමක් මේ වනවිට මුදවා ගැනීමේ ක්‍රියාන්විතයට එක් වී සිටී.
ඛේදවාචකය බිහිසුණුය. මේ වනවිට රටේ පුද්ගලයෝ 16 14 790ක් අවතැන්වී සිටිති. රට පුරා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 1278ක අවතැන් පිරිස් 1 71 492ක් පිරිසක් තවමත් රැකවරණය ලබමිනි.
වර්තාවන මරණ ප්‍රමාණය 431කි. අතුරුදහන් වූවන් 345කි.
මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීම පහත දැක්වේ.







