අද ( ජනවාරි 01) සිට නව වැට් බද්ද පැනවීමත් සමඟ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
- ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් (රු. 346) ලීටරයක් රු. 20 කින් වැඩි වේ. පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව නව සිල්ලර මිල රු. 366 කි.
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 426) ලීටරයක් රු. 38 කින් වැඩි වේ. අලුත් අවුරුද්දේ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක නව සිල්ලර මිල රු. 464.
- ලංකා ඔටෝ ඩීසල් (රු. 329) ලීටරයක් රු. 29 කින් වැඩි වී ඇත. දැන් ලීටරයක නව සිල්ලර මිල රු. 358 කි.
- ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 434) ලීටරයක් රු. 41 කින් වැඩි වී ඇත. ලීටරයක නව සිල්ලර මිල රු. 475.
- ලංකා භූමිතෙල් ලීටරයක් (රු. 247) රු. 11 කින් මිල පහළ ගොස් ඇත. ලීටරයක නව සිල්ලර මිල රු. 236 කි.
ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. එම ඉන්ධන සමාගම්වල මිල ගණන් ද ඉහත ආකාරයෙන්ම වේ.