බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් අවුරුද්ද සමරන්න රතිඤ්ඤා සද්දේ මදි… බට්ටො පැක් කරලා පත්තු කරපල්ලා…

හාමත්වනවිට හෝ නුවණ පහළ වේවා!

by editor
දෙසැම්බර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අප ඉන්නේ හරිම ආතල් රටකය. මේ වනවිට අපේ ගම්වල ඇතැමෙක්  2024 ඔබ හෙන ගැම්මෙන් සමරන්නට සූදානම් ය. මේ ලියන මොහොත වනවිටත් තැනින් තැන රතිඤ්ඤා හඬ ඇසෙන්නේය. ගෙදර උන්ට කන්නටික දෙන්න බැරි මිනිස්සු සල්ලිවලට රතිඤ්ඤා අරන් වෙඩි පත්තුකරගෙන සැණකෙළි කරන රටක් ගැන අපට අහන්න ලැබෙන්නේ විරලවය. ඒ රටේ පුරවැසියන් ලෙස බලනවිට අප හෙනම ආතල් මිනිස්සුය.

ඒත් මේ පුංචි කතාව කියවීම වැදගත් බැවින් මේ බව ලියා තබන්නට හිතුනේ බලන එකෙකුට බලා ගන්නටය.

හෙටින් (01) උදාවන අලුත් අවුරුද්ද  කිසිසේත්ම පහසු එකක් වන්නේ නැත. අපි හැමෝම බත් පත වෙනුවෙන් මරාගන්නා තිරිසනුන් මට්ටමට පත් කරන ආර්ථික දරිද්‍රතාවයකට තව ටික වෙලාවකින් උදාවන 2024 අලුත්  අවුරුද්දේ දී මුහුණ දීමට නියමිතය.

ජීවිතය මේ තරමින් හෝ ගැටගසා ගැනීමට  පුංචි ඉඩක් දුන්, මෙතෙක් වැට් අය නොකළ   භාණ්ඩ හා සේවා 97ක් මත සියයට 18ක වැට් බද්දක් අය කිරීමට නියමිතය. ඉතාම පහළම මට්ටමින් සැලකුවහොත් අඩුම තරමින් ජීවන වියදම හතරෙන් එකක ප්‍රාමණයකට වැඩිවීමට නියමිතව තිබේ.

ගෑස් සිලින්ඩරයක මිල වැඩි  වනු ඇත.  LP ගෑස් වැට් බද්දට යටත්ය. ප්‍රවාහන විදයම් වැඩිවනු ඇත. ඒ අනුව සමස්ථ පිරිවැය යළිත් අප මත පැටවෙනු ඇත.  පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත්ව තිබේ. අද රාත්‍රියේ දී ඉන්ධන මිල සංශෝධනය වනු ඇත. ජනවාරි පළවෙනිදා ලබනු ඇත්තේ ඒ සැපම පණිවිඩය සමගිනි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජංගම දුරකථනය සිහිනයක් තරම් දුරට යන ලකුණු පහළ වෙමින් ඇත.    සියලු ජංගම දුරකථන සඳහා වැට් බද්ද පැනවේ. මේ වනවිට ජංගම දුරකථනයක මිල සමස්ථ පිරිවැය එක්කොට සියයට 35කින් ගණන් නන්වා ඇත.

එමෙන්ම සන්නිවේදන සේවා මතද වැට් පැනවේ. අන්තර්ජාල සම්බන්ධතා සඳහාවන ඩේටා ගාස්තු වැඩි වීමට නියමිතය. දුරකථන ජාල සේවා බොහොමයක් සිය බදු ඉහළ නංවා ඇති බව දැනුම් දී තිබේ.  වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහාත් වැට් බද්ද පැනවෙයි. ඖෂධ මෙන්ම වෛද්‍ය සේවා සඳහා ද පැනවෙන මිල වැඩිවීම් බලාපොරොත්තු විය යුතුව තිබේ.

රසායනික පොහොර හා  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද වැට් බද්දට යටත් වේ. බත් පතටත්  එම බලපෑම ඍජුව දැනෙනු ඇත.

සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති සඳහා ද වැට් බද්ද පැනවේ. පුනර්ජනනීය බලශක්තිය සඳහා දුන්  නරිවාදම් රෙදි පල්ලෙන් බේරීමට නියමිතය.

රටේ නිශ්පාදනය කරන බිත්තරේටත් වැට් වැදෙනු ඇත. ගෙදර පොඩි එකාට ලාබයට දිය හැකි එකම ප්‍රෝටින ආහාරයටත් කෙළවීමට නියමිතය.  දේශීයව නිශ්පාදනය කරන දියර කිරි මතත් වැට් බද්ද පැනවේ. දේශීය සීනි ටිකටත් වැට් වදී. පොල්තෙලුත් වැට් බද්දට යටත්ය.  කොප්පරා ටිකටත්, තේ කුඩු ටිකට, වැට් පැනවේ. දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන යහපෝෂ, සමපෝෂ වැනි අධිපෝෂිත යැයි පැවසෙන ආහාර  මතද වැට් බලපවැත්වෙයි.

ලබන අවුරුද්දේ  කෑම ටික කන්න වෙන ආකාරය සම්බන්ධව සැලසුම් කරගැනීම වැදගත්ය.

දේශීයව නිෂ්පාදනය කරන  , මෘදුකාංග, ස්වර්ණාභරණ,  රබර්,    පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ වැට් වලට යටත්ය.

මිනිස්සුනගේ විනෝදාස්වාදයට සහ කලාවටත් වැට් ගසා ඇත.  චිත්‍ර ශිල්පියෙක් සවකීය නිර්මාණයක් අලෙවි කරන විට ඒ මත ද  වැට් පැනවේ. චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහාද වැට් බද්ද පනවා තිබේ.

රට ගොඩ දාන්න හදන ප්‍රධානම ආර්ථික ප්‍රවේශය සංචාරක කර්මාන්තය බව කියැවිනි. නමුත්  මෙරටට සංචාරකයන් ගෙන්වීමේදී ලබාදෙන සේවා සඳහා එම සංචාරක ආයතනවලින්     වැට් බදු අයකෙරේ.

රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් හෙට සිට රුපියල් තිස් අට දහස් හත්සිය පනස් හතක මාසික වැයක් දැරිය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ කීවේය. එය පෙර වසරට සාපේක්ෂව සියයට හතලිහක වර්ධනයක් බව ඔහු පෙන්වා දුනනේය.

මේ වර්ෂයේ දි රජය උපයන ආදායමෙන් සියයට 65ක් වෙන් කළ යුත්තේ ලබා ගත් ණයවල පොලී ගෙවීම සඳහාය. එය රජයේ මුලු බදු ආදායමෙන් සියයට 70කි.

ඉතින් අපි රතිඤ්ඤා පත්තු කළ යුත්තේ මේ බදු ගෙවීමේ ප්‍රීතිය වෙනුවෙන් නම් රතිඤ්ඤා පත්තු කර මදිය. පත්තු කරගත යුත්තේ හොඳට සද්දයට ඇහෙන බෝම්බය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙවසරට පසු වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08ම විවෘත වේ! ( වීඩියෝ සහිතයි)

Next Post

සුබ අලුත් අවුරුද්දක්… ඉන්ධන මිල දැනෙන්න වැඩි වෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.