ශ්‍රියානි විජේසිංහ –
දියතලාවේ පැවති සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරඟය අතරතුරුදී සිදුවූ අනතුරෙන් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කල පුද්ගලයින් 18 දෙනාගෙන් 4 දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ දියතලාව ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 16ක පමණ තරුණ දැරියක් යැයිද රෝහල් ප්‍රකාශයෙකු පැවසුවේය.
හිසට සිදුව තිබෙන බරපතල තුවාල හේතුවෙන් මේ වන විට සැත්කමකට ලක් කර ඇති බවත් මොළයේ ඉදිමීම නතර කිරිමට අවශ්‍ය ප්‍රතිකාරයන් මේ වන විට සිදුකරමින් පවතින බවද ඔහු කීය.
ඉතිරි තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර මේ වන විට ලබා දී ඇති බවත් හෙතෙම පැවසුවේය.