දිනසේන රතුගමගේ
උතුරු පළාත තුළ යුද අනාථයින් යළි පදිංචිකරවීමේදී ඉඩම් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැගී ඇති නිසා ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වූ පී.එම්.එස්. චාර්ල්ස් විසින් තහනම් කොට තිබේ.
ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කරන්නේ ඉඩම් සඳහා ස්ථිර බලපත්‍ර නිකුත් කෙරෙන ” උරුමය ” වැඩ සටහන ඉතා ඉක්මනින්ම උතුරු පළාත තුළ අවසන් වන විට මේ ඉඩම් සම්බන්ධයෙන් පන නැගී ඇති ගැටලු අවම වන බවය.
මැයි මාසය අවසන් වන විට උතුරු පළාතේ 60,000කට ඉඩම් හිමියන් වෙත උරුමය ඔප්පු ලබාදීමට පියවර ගෙන ඇති බවද ආණ්ඩුකාරවරිය සදහන් කළාය.
යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1500ක් හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින අතර ඔවුන්ද ඉතා ඉක්මනින්ම යළි පදිංචි කොට අවසන් කරන බව කී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා සහ සැලසුම් අවසන් අදියරට පැමිණ ඇති බවත් පැවසුවාය.