මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර යටතේ වී වගා කරන ගොවීන් උපරිම ජල කළමණාකාරීත්වයකින් යුතුව ඉතා කඩිනමින් මෙවර යල කන්නයේ වී වගා කටයුතු කරන ලෙස පොළොන්නරුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අංජන අබේසිංහ සඳහන් කරයි.
පරාක්‍රම සමුද්‍ර වාරි ව්‍යාපාර යටතේ අක්කර 25,000 කට ආසන්න සංඛ්‍යාවක වී වගා කිරීමට අපේක්ෂා කරන බවත්, 2024 යල කන්නය සඳහා ජලය ලබාදීම අගෝස්තු 17 වෙනිදා දක්වා සිදුකරන බවත් අංජන අබේසිංහ මහතා, අප කළ විමසීමකදී සඳහන් කළේය.
අධික වියලි කාලගුණික තත්ත්වයක් පවතින මොහොතක පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර යටතේ වී වගා කරන ගොවීන් උපරිම ජල කළමනාකාරීත්වයකින් තම වී වගාව ආරම්භ කරන ලෙස ද පොළොන්නරුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජලය අක්කර අඩි 1,13,000 ක ප්‍රමාණයක් පවතින බවත්, ඉදිරියේදී වියලි කාලගුණික තත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි පළ කර ඇති බවත්, මෙම තත්වය පදනම් කර ගනිමින් නියමිත කාලයට වගාව පිහිටුවා, ගොවින් කටයුතු කළොත් කිසිදු ජල ගැටලුවකින් තොරව යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බවත් ඉංජිනේරුවරයා වැඩිදුරටත් කීවේය.