ශ්‍රියානි විජේසිංහ –
රිලවුන්ට පැළඳූ ලූපය නැවත නවීකරණය කිරීමට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය පියවර ගෙන ඇත.
රිලවුන්ට මීට පෙර පැළදූ ලූපය ප්‍රමාණයෙන් විශාල බැවින් එමගින් ලබා ගැනීමට අපේක්ෂිත ඉලක්කයන් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ලූපය කුඩාකර නිර්මාණය කිරීමට මේ අනුව පියවර ගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කළේය.
රිලවාගේ ගර්භාෂය නිතර නිතර සංකෝචන වීම හේතුවෙන් ලූපය එළියට තල්ලු වීමක් සිදුවන බැවින් අවශ්‍ය ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වූ බව මහාචාර්යවරයා පැවසුවේය.
මේ අනුව ලූපය කුඩාකර නිෂ්පාදනය කල බවත් එය ගර්භාෂය තුළ තැන්පත් කිරීමෙන් පිටතට තල්ලු වීමක් සිදු නොවනු ඇති බවට විශ්වාසය කරන බවත් පැවසු මහාචාර්ය දංගොල්ල මෙම ලූපය පැළඳවීම මේ සතිය තුළදී සිදුකරන බවද කියා සිටියි.
මේ වන විට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ රඳවා සිටින රිලවුන්ට මෙම ලූපය පැළදීම පරීක්ෂණ තත්ත්ව යටතේ මුලින්ම සිදුකර නිරීක්ෂණය කර එය සාර්ථක වුවහොත් අනෙකුත් රිලවුන්ටත් එය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය