ශ්‍රියානි විජේසිංහ –
-
දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ ජාතික රොහලේ 49 වැනි වාට්ටුවේ උන්වහන්සේ ප්‍රතිකාර ලබනවා..
කොළඹ ජාතික රෝහලේ 49වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
උණ රෝගයන් හේතුවෙන් පසුගිය 25 වෙනිදා ජාතික රෝහලට ඇතුළත් කල සිරිධම්ම හිමියන්ට සිදුකල රුධිර පරික්ෂාවකදී උන්වහන්සේට ඩෙංගු රෝගය වැළදීඇති බවට තහවුරු විය.
දින 90ක් පුරා රැඳවුම් නියෝග මත රදවා ප්‍රශ්න කරමින් සිටි සිරිධම්ම හිමියන් දින කීපයක් පුරා පැවති උණ රෝගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 49 වෙනි වාට්ටුවට ඇතුළත් කර ඇත
කරන ලද රුධිර පරික්ෂාවන්ට අනුව සිරිධ්ම්ම හිමින්‌ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය 1 49000ක් දක්වා අඩුවී ඇති බවත් ඩෙංගු රෝගියෙකු බවට තීරණය වන්නේ පට්ටිකා ප්‍රමාණය 150000 ට අඩු වූ විට බැවින් සිරිධම්ම මිහියන්ටද ඩෙංගු වයිරස ආසාදනය වී ඇතැයි යන්න නිගමනය කර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ නමුත් උණ රෝග වැළදී දින 4ක් ගත ඇති බැවින් ඩෙංගු වයිරසය ආසාදනය වී ඇතත් එහි අවදානම් කාලය පහව ගොස් ඇතැයි හෙතෙම පැවසීය
කෙසේ .නමුත් තවදුරටත් අධීක්ෂණයක කරමින් ප්‍රතිකාර ලබා දෙන බවත් උන් වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක භටයින් යොදාව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.







