අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ලන්ටම ස්තුතියි… කාලෙකින් මැච් එකක් බැලුවා…

by editor
පෙබරවාරි 9, 2024 - Updated on පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අප හිතුවේ වාර්තා තබා දිනන්නටය. එහෙත් අත් නොහැර තරග කිරිමේ ක්‍රී අලංකාරය කුමක් දැයි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අපට කියා දුන්නේය.  

ශ්‍රී  ලංකා කණ්ඩායම ලබා දුන් ඉලක්කය ලකුණු 381කි. අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දි කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

අපේ ආරම්භක පිතිකරුවන් පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ය.   ඔවුන් දෙදෙනා ලබා දුන්නේ අති උත්කර්ෂවත් ආරම්භයකි. අවිශ්ක සහ පැතුම් අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 182ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි.  අවිශ්ක ලකුණු 88 කට දැවි ගියේ  ෆරීඩ් අහමඩ් එවූ පන්දුවකට ඉහලින් එල්ල කළ පහරක් වර්ණවත් පන්දු රැකීම යෙදෙමින් උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගත් ඊබ්‍රහීම් සද්‍රාන්ගේ වික්‍රමයෙනි.  අවිශ්ක ලකුණු 88 ලබා ගන්නේ පන්දු 88කිනි.  ඊට හතරේ පහර 08කි. හයේ පහර 03කි.

පැතුම් අවිශ්ක ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 182ක සබඳතාවය…

පැතුම් නිශ්ශංක අපට අපේ අතීත ක්‍රිකට් ගෙනත් දුන්නේය. පිතිකරණය යනු ශාස්ත්‍රීය රංගනයක් බඳු විචිත්‍ර කලාවක් වන්නේ කෙසේ දැයි පැතුම් අපට කාලයකින් මතක්  කළේය. ඒ ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට එක් වෙමිනි.

පැතුම් නොදැවී ද්විත්ව ශතකයක් ලැබුවේය. ඔහු ඊට හතරේ පහර 20ක් එක් කළේය. හයේ පහර 8ක් එක් කළේය.  නොදැවී ලකුනු 210 ලබා ගන්නේ පන්දු 139ක් තුළය. ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඉනිමක දි ලබා ගත් ඉහළම ලකුණු වාර්තාව බිඳ දැමුවේය. ඔහු බින්දේ සනත් ජයසූරිය විසින් වසර 23කට පෙර තැබූ වාර්තාවකි. ජයසුරිය ලබා තිබුණේ ලකුනු 189කි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙන්ම ඉනිමක දි වැඩිම ලකුණු සංඛ්‍යාවක් හතරේ සහ හයේ  පහරවලින් ලබා ගත් ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත අලුත් කළේය.  මින් පෙර එම වාර්තාව තබා තිබුණේ සනත් ජයසූරිය ය. ජයසූරිය එක් ඉනිමක් තුළ ලකුණු 110ක් හයේ සහ හතරේ පහරවලින් රැස්කරගෙන තිබුනේය. පැතුම් නොදැවී රැස්කරගත් එවැනි ලකුණු    සංඛ්‍යාව ලකුනු 128කි. සධීර පන්දු 36ක දී ලකුණු 45ක් ලබා ගත්තේය.  පන්දු ඕවර 50 නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 381 කි.

අම්මා මුත්තා කිව්වත් දින්නට බැරි ඉලක්කයක් යැයි අපට සිතුනේය. මුල් පෙළ ඇෆ්ගන් පිතිකරුවෝ පරාජය සහතික කළහ. රහ්මනුල්ලා ගුර්බාස් ආරම්භක පිතිකරුවා එක් ලකුණකි.  ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 04කි. ආරම්භක පිතිකරුවන් දෙපළම ලකුණු 10 වනවිට ක්‍රීඩාගාරයේය. ඒ ප්‍රමෝද් මධුශාන් ගේ ගොදුරු වශයෙනි.

අනතුරුව . රහ්මට් ෂා ලකුනු 07කට දැවී ගියේය. ඒ කඩුල්ල දුෂ්මන්ත චමීරගේය. නායක හස්මතුල්ලා සහීඩි ලකුණු 07කට දවා ගැනීමට ප්‍රමෝද් මධුශාන්ට හැකි විය. කඩුලු 04ක් දැවි යන විට ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව ලකුණු 27කි. මුල් පෙළ පිතිකරුවන් පෝලිමේ දැවී යද්දී ලෝක වාර්තාවක් සහිත ජයග්‍රහණයක් සම්බන්ධව අපි කල්පනා කරමින් සිටියෙමු. එම හැඟීම තවත් සමීප කරන්නේ ලකුණු 27ක් ලබා සිටි ගුල්බඩීන් නබී දුෂ්මන්ත චමීර හමුවේ දැවී යෑමත් සමගය. ලකුණු 55ට ඇෆ්ගනිස්ථාන කඩළු 05ක් දැවී ගොස්ය.

තරගය විශ්වාස කළ නොහැකි පෙරළියකට රැගෙන යන්නේ ඉන් අනතුරුවය. ඒ වනවිට හස්මතුල්ලා ඕමාර්සායි පිටියේ රැඳී සිටියේය. හයවැනි කඩුල්ල ලෙස පිටියට පැමිණෙන්නේ හිටපු නායක මොහොමඩ් නබී ය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කාසියේ වාසිය දිනා ඉලක්කය හඹා යෑමේ අදහසින් පන්දු රැකීම තේරුවේ කුමක් නිසා දැයි අපට වැටහුනේ ඉන් අනතුරුවය.

එතැන් සිට ඇරඹෙන්නේ මනරම් පිතිකරණයකි. පරාජයේ අප්‍රසන්නම අඳුරු සෙවනැලි මත හිඳිමින් තමන් වෙත එන පීඩනය  විශිෂ්ට ලෙස කළමනාකරණය කරගෙන ක්‍රිකට් ක්‍රීඩාවේ දී දැකිය හැකි විරල විශිෂ්ට ඉනිමක් අස්මතුල්ලා ඕමාර්සායි සහ මොහොමඩ් නබී ක්‍රීඩා කළහ.

ලෝකයේ එක් දින තරග ඉතිහාසේ දෙවැනි විශිෂ්ටම සම්බන්ධතාවය මේ ක්‍රීඩකයින් දෙපළ ගොඩනැගූහ. මෙහොමඩ් නබී පන්දු 130ක් තුළ ලකුණු 136ක් රැස් කළේය. ඊට හතරේ පහර 15කි. හයේ පහර 03කි.  ඔහු ක්‍රීඩා කළ අවසන් ඕවර දෙක වනවිට නබී හිටියේ මස්පිඩු ආබාධයකය. එහෙත් ඔහු තරගය අත් නොහැරියේය.

5වන කඩුල්ල බිඳී යන්නේ ලකුනු 55 දී ය. ඒ වනවිට යවා තිබුණේ පන්දු ඕවර 8. පන්දු 3කි. හයවන කඩුල්ල ලෙස නබී දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 297කි. පන්දු ඕවර 45.2 කි. පන්දු ඕවර 37.1 තුල මේ ක්‍රීඩකයින් දෙපළ හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 242 ක සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබිණි. එය ලෝකයේ එක්දින තරගයක දී ගොඩනැගුන දෙවැනි විශාලම සමබන්ධතාවය ය. 40 වැනි පන්දු ඕවරය වනවිට තරගය තමන් වෙතට විවෘත කරගැනීමට මොහොමඩ් නබී සහ අස්මතුල්ලා සමත් වී සිටියහ.

නොදැවි ලකුනු 149ක් ලබා ගත් අස්මතුල්ලා ඕමාර්සායි පල්ලෙකැලේ දී  ලබා ගත්තේ සිය මංගල එක් දින ශතකය ය. අස්මතුල්ලා ශතකය සම්පූර්ණ කරනු ලැබුවේත් හයේ පහරකිනි.  අවසන් භාගයේ දී  ඔහු පාදයේ මස්පිඩු අබාධයක් හේතුවෙන් බිම ඇදගෙන වැටුනේය. පාද චලනය තබා එක තැන සිටගෙන සිටියෙත් වේදනාවෙනි. ඒ වේදනාව දරාගෙන ඔහු අවසන් පන්දුව තෙක් පිටියේ රැඳී සිටියේය. වනිඳු හසරංගට මතක හිටින ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ඔහුගේ අවසන් පන්දු ඕවරයේ පන්දු තුනකට පිට පිට හයේ පහර තුනක් එල්ල කරමිනි.  අවසන් පන්දුවට පෙර පන්දුවටත්  හස්මතුල්ලා හයේ පහරක් එල්ල කළේය.   ඔහු නොදැවී ලබා ගත් ලකුණු 149ට හතරේ පහර 13ක් සහ හයේ පහර 06ක් ඇතුළත් විය.

ලකුණු 381ක් හඹා යමින් ඉනිම අරඹා ලකුණු 55ට කඩුළු 05ක් බිඳ වැටී සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ තරගය නිමා කළේ කඩුළු 06ක් දැවී ලකුණු 339ක් ලබා ගනිමිනි. ජයග්‍රහණයට  ලකුණු 42ක් අඩු වූ බව සැබෑය. එහෙත් එය විශිෂ්ට හඹා යෑමකි. ගෞරවණීය පරාජයකි.

තරගයේ වීරයා පැතුම් ය.

ක්‍රිකට් ආනන්දය දැනවූ තරගයකි. කාලයකින් රටේ ක්‍රිකට් ලෝලීන් විසින් වින්දනය කළ තරගයක් නිමා වූ බව ලියා තබමු.

සියල්ලන්ටම ස්තුතියි… කාලෙකින් මැච් එකක් බැලුවා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයෝ වර්ජනය කරති… රට පුරා ඔසු සැල් වැසේ… ඉල්ලීම් දිනාගෙන වර්නජනය නිම කරයි!

Next Post

යුක්තිය හෙළිකොට්ටෙන් තබන පාතාල ප්‍රහාර!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.