අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තිය හෙළිකොට්ටෙන් තබන පාතාල ප්‍රහාර!

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

සිර මැදිරිය තුළ පොලිස් භාරයේ සිටින පුද්ගලයින්ට පාතාලය ප්‍රහාර එල්ල කරන තරමට පොලිසිය දුර්වල කර ඇති ආකාරය පිළිබඳව පාතාලය මාස කීපයකින් මර්ධනය කිරීමට රට ඉදිරියේ පොරොන්දු දී දැවැන්ත ප්‍රචාරණයක් සහිතව යුක්තිය මෙහෙයුම ආරම්භකළ මහජන ආරක්ෂක ඇමතිවරයාට සහ  වැඩබලන පොලිස්පතිවරයාට   චෝදනා එල්ල වී තිබේ.

යුක්තිය මෙහෙයුමේ ඉලක්කම් සොයා කළ වැටලීම්වල දී  නාරම්මල සිදුවූ පොලිස් ඝාතනය, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර සිදුවූ බරපතල තත්ත්ව, පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට සිදුකරන බලපෑම් නිසා නිරපාරද පුද්ගලයින් පවා  අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම් සහිත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පිරී යෑම නිශ්චිත ප්‍රායෝගික සැලසුමක් නොමැතිවීම නිසා ඇතිවී තිබෙන ව්‍යාකූල පරිසරය පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක ඇමතිවරයා විවේචනයට ලක් වෙමින් තිබෙන පරිසරයක ආදුරුප්පු වීදිය පොලිස් සිරමැදිරිය තුළ සිටි සැකකරුවන් දෙදෙනෙකුට පාතාල ප්‍රහාරයක් එල්ල කිරීම අපේක්ෂා සුන් කර ඇතැයි වාර්තා වේ. මෙසේ ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ පොලිස් සිර මැදිරියේ සිටින සැකකරුවන්ට සයනයිඩ් දීමෙනි.

වාර්තාවන පරිදි සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

දැනට ඉන්දියාවට පලා ගොස් සැඟවී සිටින පාතාල ප්‍රබලයෙක් වූ පූවුඩුකන්නා ගේ සමීපතම ගෝලයෙක්වන සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැත්තා පසුගිය මස 15 වැනිදා වෙඩි තබා ඝාතනය කළේය. එම  ඝාතනය කරන්නේ සන්දර්ශන දමා රටට ගෙන්වා අධි ආරක්ෂිත බන්ධනාගාරයක අවුරුද් දෙකක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව ඇප ලැබී දින දෙකකින් පසු රටින් පැන ගිය කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවූ කුලී ඝාතකයින් තිදෙනෙක්   බව අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග හෙළි කළේය.

බඩා රංජි යනු  පූකුඩු කන්නාගේ     මත් ද්‍රව්‍ය ජාලය මෙහෙයනු ලබන ප්‍රධානියා මෙන්ම මුදල් පරිපාලකයා වශයෙන් කටයුතු කරනු ලබන සමීපතමයෙකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කංජිපානි ඉම්රාන් විසින් මෙම වෙඩි තැබීමට බඩා රංජිව ඉලක්ක කරගන්නේ  සිය පියා වන මොහොමඩ් නජීම්  ඉලක්කකරගෙන කලකට ඉහත  මාලිගාවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට පළිගැනීමක් ලෙසය. මෙම පහරදීම සම්බන්ධයෙන් ඔත්තු බලා එය සම්බන්ධීකරණය කර ඇත්තේ බඩා රංජි විසිනි.

ජනවාරි මස 15 දා   රාත්‍රියේ මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයට ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු     සිදු කළ වෙඩි තැබිමකින් බරපතල තුවාල ලබන බඩාරංජි     කොළඹ ජාතික රෝහලට රැගෙන යමින් සිටියදී මිය යන්නේය. පාතාලය සහ මත්කුඩු ජාවාරම මැඩලීමට  යුක්තිය මෙහෙයුම දියත් වී ඇතැයි කියන පසුබිමක මෙම ප්‍රහාරය සිද්ධවන්නේ තවත් පාතාල ඝාතන මාලාවක එකක් ලෙසය.

පොලිස් බුද්ධි අංශ වාර්තා කරන ආකාරයට දැන් කංජිපානි ඉන්නේ පකිස්ථානයේ ය. කුඩු සෙල්විගේ පුතා ඉන්දියාවේ ය. කංජිපානිගේ ප්‍රහාරයෙන් බඩා රංජි මරා දැමීමේ පලිය ගන්නට පූකුඩුකන්නාගේ ගෝලයන් කංජිපානිගේ ගජයාවන කුඩු සෙල්විගේ පුතාගේ සමීපතමයෙකුට ජනවාරි මස 24 වැනිදා ජින්තුපිටියේ දි වෙඩි තැබුවේය.

ජින්තුපිටියේ වෙඩි තැබීම…

වෙඩි තැබීම සිදුකළේ යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයන් දෙදෙනෙකි. වෙඩි පහර කෑ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය. ඊට පසුදා එනම් ජනවාරි 25 ඔහු මිය ගියේය. එසේ මිය යන්නේ යුක්තිය මෙහෙයුම ආරම්භයට පසු සිදුකළ හත්වන පාතාල වෙඩි තැබීමේ ගොදුරක් ලෙසය.

මේ අවස්ථාවේ දී  වැදගත් දෙයක් සිදුවන්නේය. එනම් ඝාතනයට පැමිණි කුලී ඝාතකයා ගිනි අවියත් සමග අල්ලා ගත් ගම්මු ඔහුව පොලිසියට භාර දීමය.  අතටම ගෙනත් දුන් කුලී ඝාතකයා වේල්ලවීදිය පොලිසියේ රඳවාගෙන ඔහුව ප්‍රශ්න පොලිසිය ඝාතනය සඳහා පැමිණි පැදිකරුව ද අත් අඩංගුවට ගන්නේය.

මෙසේ අත් අඩංගුවට ගන්නේ අල්ලපු වත්තක හොර පොල් කඩන්නට ගිය උන් නොව පාතාලයේ සංවිධානාත්මක අපරාධ සැලසුමක් දියත් කර පුද්ගල ඝාතනයක් සිදුකරනු ලැබූ පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙකි. මුන් දෙන්නා සම්බන්ධව රැඳවුම් නියෝග ලබා ගන්නා පොලිසිය උන්ව රඳවන්නේ ආදුරුප්පුවීදිය පොලිසියේය.

ආදුරුප්පුවීදිය පොලිසිය මූලික පහසුකමක්වත් නැති පොලිස් මුරපොලකට නොදෙවෙනි තැනකි. පොලිසියෙන් එළියට බහින්නේ පාරටය. පාරේ සිට පොලිසිය ඇතුළත් බලා ගත හැකිය. ජින්තුපිටිය සහ කඩු සෙල්විගේ පාතාල ක්‍රියාකාරකම් සක්‍රීය භූමිය ය. ජින්තුපිටියේ උන් ගමේ යනවා වගේ යන එන තැන ආදුරුප්පුවීදිය පොලිසිය ය.

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානය…

මේ පොලිසියේ රඳවා තබාගෙන සිටින කුලී ඝාතකයන් දෙදෙනාට කංජිපානිගේ සැලසුමකට අනුව  සයනයිඩ් දී ඝාතනය කරන්නට හදන්නේ ගොදුර ඔවුන් අසලටම ගෙනත් දී හිරකර ඇති පසුබිමකය.

තමන් භාරයේ ඉන්නේ කවුරුන්දැයි ආදුරුප්පුවීදිය පොලිසියට කිසිම තක්සේරුවක් තිබුණේ නැත. එහෙත් පාතාලය තමන්ට අවශ්‍ය ඉලක්කය සම්බන්ධව හොඳ අවබෝධයක සිටියේය.

කංජිපානි සහ කුඩු සෙල්විගේ පුතාගේ පාර්ශවය සැලසුම් කරන්නේ පූකුඩුකන්නාගේ කුලී ඝාතකයන් දෙදෙනාට  ආදුරුප්පු වීදිය පොලිස්ය තුළදී සයනයිඩ් මිශ්‍ර ආහාරයක් ලබා දී ඝාතනය කිරීමටය.

ඔවුන් මේ සඳහා තෝරා ගන්නේ අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.  ඔහුත් පූකුඩුකන්නාගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකි. ආදුරුප්පුවීදිය පොලිස් කූඩුවේ සිටිනා කුලී ඝාතකයන් හොඳින් දන්නා හඳුනන තැනැත්තෙකි. ඔවුන් සමග එකට ගේම් ගැසූ එකෙකි. මේ අපරාධකරුව ඝාතනය සඳහා  කංජිපානිලා විසින් හයර් කරන්නේය.

සයනයිඩ් මිශ්‍ර කිරි සහ මාළුපාන් රැගෙන  පැමිණෙන මේ තැනැත්තා සැක කරුවන් සමග කතා බහ කර කෑම බීමත්  දී පිටවී යන්නේය. වැඩේ කෙලවුන බව දන්නේ කිරි බිව්ව සැකකරුවන් දෙදෙනා අසාධ්‍යව සිහිසුන් වී සිරමැදිරිය තුළම වැටුණු පසුය.  සිරමැදිරියේ සිටි පුද්ගලයින් දෙදෙනා වහාම  කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියේය.

විමර්ශන කරනවිට තහවුරු වන්නේ මේ පුද්ගලයින් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ආදුරුප්පුවීදිය පොලිසිය මොන මගුලක්වත් සිදුකර නැති බවය.  වහ දුන්න එකා ගැන කිසිම තොරතුරක් සටහන්ව නැත. ඌ පරීක්ෂා කර නැත. ඌ ගෙනා ආහාර පාන සම්බන්ධව කිසිම පරීක්ෂාවක් සිදුකර නැත. පාරේ යන උන්ටත් ඇඟිලි ගසා යන්නට හැකි    පොන්තනෝනාගේ මඩිස්සලේත්   ආදුරුප්පුවීදය පොලිසියේත් වෙනසක් තිබී නැත.

සිද්ධිය සම්බන්ධව මේ වනවට ආදුරුප්පු වීදිය පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

ෙමෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක එස් ජි පි සුනිල් සහ  පොලිස් කොස්තාපල්වරුන්වන   79239 ටි ඩි ප්‍රියදර්ශන , 25486  ජේ විජේසිංහ යන නිලධාරීන්ය.

පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ  සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියාට හා උපසේවක නිලධාරියාට ප්‍රමාණවත් නියෝග හා උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙනි

පොලිස් කොස්තාපල් (79239) ටි ඩි ප්‍රියදර්ශනගේ  නිලධාරියාගේ වැඩ තහනම සිදුකර ඇත්තේ පිටතින් ආහාර ගෙන එන ලද පුද්ගලයා පරීක්ෂාවකින් තොරව ඔහුගේ අනනතාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් තොරව කටයුතු කර ඇති බවට අනාවරණය වීම හේතුවෙනි.

පිටතින් ආහාර ගෙන ලද පුද්ගලයා පරීක්ෂාවකට ලක් නොකර, ඔහු සම්බන්ධයෙන් දෛනික තොරතුරු සටහන් පොතේ සටහන් නොයෙදීම සම්බන්ධ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් 25486 ජේ විජේසිංහගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

නල්ලමලේ මෙහෙයුම් ගැන තවත් කතා කර පලක් නැත. පොලිසිය ඇතුලට පැමිණ පාතාලය සිය ඉලක්ක සොයමින් ප්‍රහාර එල්ල කරමින් ඇත. ඒත් අපට සතුටු පොලිස් ඇමති තව මාස හතරකින් පාතාලයේ එකෙක්වත් රටේ තබන්නේ නැති බවට අපට සහතික වීමය.

අප පුල පුලා ඉන්නේ ඒ දවස එනතුරුය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සියල්ලන්ටම ස්තුතියි… කාලෙකින් මැච් එකක් බැලුවා…

Next Post

පොලිසිය සැකකටයුතු ත්‍රි රෝද රථයක්  පරීක්ෂා  කරද්දී  පොලිස් ගිනි අවිය පැහැරගෙන සැකකරු පලා ගිහින්… ගිනි අවිය පත්තු වී සැරයන්වරයෙක් බරපතල තත්ත්වයෙන් ජාතික රෝහලේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.