ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ දීමනාවන් නොගෙවීම සහ ජිවන වියදම් දිමනාවන් නොගෙවිමට විරෝධය පල කරමින් රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් අද ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කළ බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස් සඳහන් කළේය.
මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් , වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරින් පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව සේවකයින්ගේ දිමනාවන් සහ ජිවන වියදම් දීමනාවන් ගෙවිමට භාණ්ඩාගාර අනුමැතිය හිමි වූ බව අජිත් මෙන්ඩිස් මහතා පැවසුවේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් ඉතිහාසයේ මුල්වරට ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද දිනය තුල වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කළේය.
මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම ඔසුසැල් දිනය තුළදි වසා දමා තිබුණි.







