සිම්බාබ්වේ ප්‍රධාන සංවර්ධන උපායමාර්ගයක් ලෙස හඳුනාගෙන තිබූ පතල් කැණීම් කර්මාන්තයට චීන සමාගම් වල ආගමනයත් සමඟ එරට තුල දැඩි පාරිසරික අර්බුදයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වේ.
මේවන වන විට සිම්බාබ්වේ පතල් කැණීම් ක්ෂේත්රයට චීනය සෘජුව සම්බන්ධ වී සිටින අතර එරට බහුතරයක් කැණීම් කටයුතු චීනය විසින් සිදු කරනු ලබයි. එහිදී චීනය විසින් සිම්බාබ්වේ තඹ, ගල් අඟුරු සහ මැන්ගනීස් වල සම්පූර්ණ පාලනය අත්පත් කරගනු ලැබ තිබේ.
ඒ අනුව සිම්බාබ්වේ වැසියන් විසින් චීනය විසින් සිදු කරනු ලබන කැණීම් මගින් ඇති වන අයහපත් බලපෑම් පිළිබඳව දැඩි පීඩාවකට පත්ව ඇති බවටද වාර්තාවේ. මෙහිදී අදාල කැණීම් සිදුකරනු ලබන චීන සමාගම් විසින් නිසි පරිසර වාර්තා සහ අදාල නීති රෙගුලාසි අනුගමනය නොකරමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බවටද සිම්බාබ්වේ වැසියන් චෝදනා කරයි.
මේ අතර සිම්බාබ්වේ ඛණිජ සම්පත් වලින් බහුල ග්‍රේට් ඩයික් ප්‍රදේශයේ දැඩි පාරිසරික මෙන්ම යටිතල පහසුකම් වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. එම ප්‍රදේශයේ සෑම ස්ථානයකම පාහේ වලවල් නිර්මාණය වී ඇති බවත් එම තත්ත්වය සමාන්‍ය ජනජීවිතයට දැඩි අනතුරුදායක වී ඇති බවද සිම්බාබ්වේ වැසියන් පෙන්වා දෙයි.
එමෙන්ම තවත් චීන සමාගමක් විසින් මුටෝකෝ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයක වැසින්ගෙන් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට ඉල්ලා ඇති බවද වාර්තාවේ. එම ගම්මානයේ අදාල සමාගම විසින් කළුගල් කොරියක් පවත්වාගෙන යනු ලබයි. මෙම සමාගම විසින් ගම්මානයේ වැසියන්ට ඉවත්වන ලෙසට ඉල්ලා සිටියද ඔවුන්ව බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බවද සඳහන්වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිම්බාබ්වේහි පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාල සමාගම සිම්බාබ්වේ රාජ්‍යයයේ යහපත උදෙසා කටයුතු කරන බවයි.
සිම්බාබ්වේ රජය මේවන විට එරට කැනීම් වලට අදාලව නව නීති සම්පාදනය කරමින් සිටින අතර එමගින් කැණීම් සිදු කිරීමේදී ප්‍රජාවට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීමට බලාපොරොත්තුවේ.
චීනය විසින්මේවන විට අප්‍රිකානු කළාපයේ වැඩි බලයක් අත්පත් කරගෙන ඇති අතර එම කලාපයේ රටවල් රැසක ව්‍යාපෘති රාශියක් මේවන විටත් ආරම්භ කර ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති වල ඵලදායී බව සහ එමගින් පරිසටය ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ.