ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 48 වැනි සැසිවාරයට එහි සාමාජිකයකු නොවන චීනය සහභාගී වී ඇතත් , දිගුකලක් තිස්සේ චීනයේ දැඩි මර්දනයන්ට මුහුණ දෙන මුස්ලිම් සම්භවයක් සහිත උයිගුර්වරුන් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් එහිදී සිදුකර නැතැයි වාර්තා වේ. .
සමුලුවට සමගාමීව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් Hissein Brahim Taha සහ චීනයේ විදේශ අමාත්‍ය Wang Yi අතර හමුවක් ද සිදුව තිබූ අතර එහිදී දෙපාර්ශ්වය චීනය සහ මුස්ලිම්වරුන් අතර පවතින ඓතිහාසික සබඳතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එමෙන්ම මෙහිදී දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අන්තර් ශිෂ්ටාචාර සංවාද ගැටලු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සංවාදය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව විදෙස් වාර්තා කියයි. .
ඇෆ්ගනිස්ථානයේ තත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සලකා බැලීම මෙම සමුළුවෙහි මූලික අරමුණ වූවද තවත් කරැණු 100 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබද මෙහිදී සාකච්ඡා කර ඇති බව පැවසේ.
එහෙත් එහිදී චීනයේ ජීවත්වන උයිගුර් ඇතුලු මුස්ලිම් කණ්ඩායම්වල ගැටලු මෙන්ම පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් මුහුණ දී සිටින ගැටලු පිළිබද කිසිදු අවධානයක් යොමුකර නොමැති බව මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් චෝදනා එල්ල කර තිබේ.