බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිකුරාදාට පෙර දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය 37ක්!… පොහොට්ටුවෙන් 23 ක්…..

by editor
සැප්තැම්බර් 10, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරුන් 20 දෙනාට අමතරව තවත් ඇමතිවරුන්  17 දෙනෙක්  පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. මෙම අමාත්‍යවරු 17 තෙක් වැඩිවන්නේ ස.ජ.බ මන්ත්‍රීවරුන් 03 දෙනෙක් ආණ්ඩුවට පැමිණෙනු ඇතැයි යන පදනමින් බවද වාර්තා වේ.

එමෙන්ම  සිකුරාදාට පෙර දිවුරුම් දීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ  පොහොට්ටුවේ කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 23 දක්වා ඉහළ යන බව වාර්තා වේ. ඒ දැනට කැබනට් මණ්ඩලයේ සිටිනා පොහොට්ටු මන්ත්‍රීරුන් 12 හා අලුතින් යෝජනා කර ඇති මන්ත්‍රීවරුන් 11 දෙනා සමගිනි.

කැබිනට්ටුව සඳහා පොහොට්ටුවෙන් යෝජනා වී  ජනාධිපතිවරයා වෙත දැනටමත්  නම් කර යවා ඇති එම මන්ත්‍රීවරුන් 11 වන්නේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේය.

වාර්තාවන පරිදි සෙසු පක්ෂවලින් කැබිනට් මණ්ඩලය වෙත පැමිණෙන්නේ  ජීවන් තොණ්ඩමන්, වජිර අබේවර්ධන සහ ඒ.එල්.එම්.අතාවුල්ලාය.

මීට අමතරව සමගි ජනබලවේගයෙන් තවත් මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් කැබිනට් මණ්ඩලයට එක්වීමට සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ  ආරංචි මාර්ග කියයි.  ඒ අනුව නව කැබිනට් මණ්ඩලයත් රාජ්‍ය ඇමතිවරුන් සේම  37ක් වනු ඇති බව පැවසේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ සහ නාමල් රාජපක්ෂගේ    නම්වලට  පොදුජන පෙරමුණ තුළින්ම විරෝධතාවය  මතු වී  තිබුණත් එම නම් විරෝධතා නොසලකා ඉදිරිපත් වී ඇති බැවින්  කැබිනට් ඇමතිවරුන් ලෙස ඔවුන්ව පත් කිරීම සලකා බලනු ඇතැයි වාර්තා වේ.

කැබිනට් ඇමතිවරුන්ගේ විෂය පථය වෙනස් වන බවත් එබැවින් කැබිනට් මණ්ඩලය යළි දිවරුම් දෙන බවත් වාර්තා වේ.

දැනට ක්‍රියාත්මක කැබිනට් මණ්ඩලය මෙසේය.

1  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  –   ආරක්ෂක අමාත්‍ය මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය තාක්ෂණ අමාත්‍ය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

  1. දිනේෂ් ගුණවර්ධන  ( අග්‍රාමාත්‍යතුමා) – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  2. නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
  3. ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
  4. සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
  5. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය
  6. කෙහෙලිය රඹුක්වැල්ල –    සෞඛ්‍ය අමාත්‍ය  ජල සම්පාදන අමාත්‍ය
  7. මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  8. විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  9. හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
  10. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය කර්මාන්ත අමාත්‍ය
  11. ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස
  12. එම්.යූ.එම්. අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය
  13. විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  14. කංචන විජේසේකර – විදුලිබල හා බලශක්ති අමාත්‍ය
  15. අහමඩ් නසීර් – පරිසර අමාත්‍ය
  16. රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය
  17. මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා  අමාත්‍ය
  18. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
  19. නලින්  ප්‍රනාන්දු  – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

ඒ අනුව දිවුරුම් දෙන නව කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 23ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. සෙසු පක්ෂ සඳහා ලැබී අරත්තේ මන්ත්‍රී ධුර 14ක් පමණි.

පොහොට්ටුවෙන් යෝජනාවන  පිරිස මහජන විරෝධය හේතුවෙන් තනතුරු හැර යන්නට සිදූව හිටපු ඇමතිවරුන් වීම ද විශේෂය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල්ෆ් කාලාපය තුල චීනය මාධ්‍ය මෙහෙයුමක්

Next Post

පොලිස් අත්අඩංගුවේ පසුවූ ලහිරු වීරසේකර කොළඹ ජාතික රෝහලට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.