මරදාන පොලීසිය අත්අඩංගුවේ පසුවුනු ළහිරු වීරසේකරව අද (10) රෝහල්ගත කර තිබේ. අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ ලහිරු මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
“වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර ඇතුලු අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර එමින් සිටිය දි මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේය.
ඔහුට එල්ල වී තිබුණු චෝදනාව වූයේ අගෝස්තු 30 වනදා මරදානේ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමය.
රෝහල්ගත කර ඇති ලහිරු වීරසේක අද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා විය.







