ජන අරගලයේ ප්‍රධානම භූමිකාවක් කළ නීතිඥ නුවන් බෝපගේ ජීනිවාහි 51වැනි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා අද(10) ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි
පසුගිය වසර ගණනාවක් තුළ අ.වි.ශි.බ.ම නීතිමය කටයුතු වලට මැදිහත් වූයේ නීතිඥ නුවන් බෝපගේය. එමෙන්ම ඔහු ගෝල්ෆේස් අරගලයේ සක්‍රීය දායකත්වය සහ නීතිමය මැදිහත්වීමක් සිදුකළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කළේ මේ වනවිට තමන් වෙත එල්ල වී ඇති රාජ්‍ය මර්දනය පිළිබඳවවත් ජන අරගලය වෙත ආණ්ඩුව එල්ල කරමින් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බලපෑම පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම නුවන් බෝපගේ ගේ ජිනීවා ගමනේ අරමුණ වී ඇති බවය.







