සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටය කටුගස්තොට සීගිරි සිනමා ශාලාවේ දී ජංගම දුරකථනයකින් පටිගත කර යූ ටියුබ් චැනලයක් ඔස්සේ ප්‍රචාරය කළ බව කියන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සෝමරත්න දිසානායක විසින් තම චිත්‍රපටය සිනමා ශාලාවක් තුළදී ජංගම දුරකථනයක් ආධාරයෙන් රහසිගතව පටිගත කර යූ ටියුබ් චැනලවකට මුදා හැර තිබෙන බවට පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම අඩංගුවට ගැනීම සිදුව තිබේ.
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







