එස්ප්‍රස් පර්ල් … ඇය දැන් ඇය දැවී අවසන්ය.
එහෙත් රත්වූ යවට සිහිල් කරන්නට තවමත් මහා සාගරයේ දිය කඳට හෝ හමා එන සුළිං රැළිවලට හැකි වී නැත. දැන් ඇය ප්‍රාණය නිරුද්ධ සැකිල්ලකි.
ඒ සැකිල්ලේ දසුන් අද පස්වරුවේ ගුවන් හමුදාව නිරීක්ෂණය කළේ මෙසේය.
මේ සිදුවීම බොහෝ දේ අපට දවනා ඇත. ඇය සැකිල්ලක් වී ඇත්තේ මේ රටේ සමුද්‍ර කලාපයට බොහෝ කාලයකට යථාවත් කළ නොහැකි සැකිල්ලක් බවට පත් කරමිනි.
මේ අනතුරේ ආර්ථික වාසි දකින්නෝ වෙති. එහි දේශපාලනිකව යා හැකි දුර දකින්නෝ වෙති. එහෙත් ඇය අපට කියා දී ඇත්තේ සාගර කලාපයක් මැ ද ජීවත්වන අප අපට විවර වී ඇති අවදානමට මුහුණ දීම සඳහා මෙතෙක් සූදානම් නැති බවය. ලැබෙන කිසිම අත්දැකීමකින් පාඩම් ඉගෙන නැති බවය.
මේ නැවේ දැවී පාවෙමින් ඇති සැකිල්ල අපට අනාගතය ගැන සිතන්නට බොහෝ දේ ශේෂ කර ඇත.