අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝවිඩ් කාලයේ ඩෙංගු මාරකයක් වන්නේ ඇයි?

by editor
මැයි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය –

කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති බවට වාර්තා වෙනවා. මෙය අප මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ඉතා බරපතළ තත්ත්වයක් වීමට හේතු කිහිපයක්ම තියෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකාව ඩෙංගු අධි වසංගත තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඒ අවස්ථා වලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වුණේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවකයන් යෙදවීමෙන්. ඒ වගේම අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් ඉතා බහුල වශයෙන් ඩෙංගු වෛරසය සඳහාම වෙන්කිරීම තුලින්.

රක්තපාත තත්ත්වයේ සිටින ඩෙංගු රෝගියෙකුගේ ජීවිතයත් මරණයත් අතර තීරණය ගැනෙන්නේ ඔහුගේ ශරීරයේ තරල කාන්දුවීමේ වේගයට ගැලපෙන වේගයකින් ශරීරයට අවශ්‍ය තරල ලබාදීම මතයි. දිනකට බොහෝ වතාවක් පරීක්ෂණවලට භාජනය කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දැඩි නිරීක්ෂණය යටතේ මෙය කළ යුතු වෙනවා
මෙවර ඩෙංගු වසංගතයක් ඇති වුවහොත් ප්‍රධානම ගැටලුව මතුවන්නේ මෙතැනදියි. වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි නියැලෙන රෝහල් වල විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයෙන් බොහෝ දෙනෙක් වගේම, වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන වසංගත රෝග විද්‍යායතනය (IDH රෝහල), ශික්ෂණ රෝහල් ඇතුළු තෘතීක හා ද්විතීක මට්ටමේ රෝහල් බොහොමයක් මේ වන විට කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කර්තව්‍යයෙහි දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා. මේ අතරතුර ඩෙංගු අධි වසංගත තත්ත්වයකුත් ඇති වූවොත්, රෝගී සත්කාර සේවාවන් ඉතා ගැටළු සහගත තත්වයකට මැදිවීමක් සිදු වන්න පුළුවන්. මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ තියෙනවා.
ඩෙංගු රෝගය නිසා කුඩා දරුවන්ගේ ජීවිත වඩාත් බරපතල ලෙස තර්ජනයට ලක්වෙනවා. පහසුවෙන් අප අපටම වළකාගත හැකි ඩෙංගු වසංගත තත්ත්වයක් නිසා, අපගේ ආදරණීය දරුවන් හට ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදුවන තැනකට එළඹීමට ඉඩ තිබෙනවා. එවන් දිනක සිතේ ඇතිවන පසුතැවිල්ලට වඩා අද දිනයේ ක්‍රියාත්මක වීමේ ඇති වටිනාකම අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැහැ.
වෙනදා ගෙයින් ගෙට ඇවිත් ඩෙංගු බෝවෙන ස්ථාන හඳුනා ගන්නා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල වල කණ්ඩායම්, අද එන්නත්කරණ කටයුතු වල වගේම කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ කටයුතුවල දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා. මේ නිසා අපේ නිවෙස් ආශ්‍රිත පරිසරය, අපේ දරුවන්ගේ ජීවිතයට අනතුරක් නොවන ලෙස සැකසීමේ වගකීම වෙනදාටත් වඩා අප වෙත යොමු වෙනවා.
වසංගත දෙකක් එක මත අතිපිහිත වීමේ භයානක අවස්ථාවකට එලඹීමට ඉඩ ඇති මේ මොහොතේ, රටේත් අපේ දරුවන්ගේත් අවසන් ආරක්ෂක පවුර වීමට අපට අවස්ථාව එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියට ඒම හා ක්‍රියාත්මක වීම මත අපේ දරුවන්ගේ ජීවිත රඳා පවතිනවා.
මේ ඩෙංගු හිස එසවීමේ අවදානම අධි වසංගත තත්ත්වයක් වීමට ඉඩ නොදී නැවතීමට කළ යුතු දේ ඉතා සරලයි. අනෙක දැන් පවතින කෝවිඩ් පාලනය සඳහා වන සංචරණ සීමා මෙයට වෙස්වලාගත් ආශිර්වාදයක්.
දරුවන් සමඟ නිවසෙහි ගතකරන මේ වේලාව, නිවස තුළ මෙන්ම මිදුලෙහි මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා විනාශ කිරීමට යොදවන්න අපිට පුළුවන්. ජලය එකතු විය හැකි කොන්ක්‍රීට් පෘෂ්ඨයන් වගේම වැහිපිහිලි හා මල් බදුන් පරික්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතයි. අපිට පහසුවෙන් මග හැරිය හැකි මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ විස්තරයක් ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.
නිවසේ සිටින දරුවන් උදයේ හෝ හවස මිදුලේ දුව පනිමින් ක්‍රීඩා කරනවා නම් අනුමත මදුරු විකර්ශක භාවිතා කිරීම වගේම ශරීරය ආවරණය වෙන පරිදි ඇඳුම් ඇන්දවීමත් ඉතාමත් සුදුසුයි.
උණ රෝගයක් වැලඳී දින දෙකකට වඩා පවතිනවා නම් එය ඩෙංගු වීමේ අවදානමක් තිබෙනවා. කෝවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම මෙවැනි අවස්ථාවල නොපැකිළිව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ජීවිතය ආරක්ෂා කර ගැනීමට හේතුවක් වනවා.
මේ ගෙවී යන්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියක්. අපගේ වගේම දරුවන්ගේත් ජීවිත වල වගකීමත අප කරමතින් දරාගත යුතු අවස්ථාවක්. සංචරණ සීමා යෙදී ඇති මේ දිනවල අපේ නිවෙස් තුළ හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමට දැන්ම යොමු වෙමු. අද කළ යුතු දේ ‘අදම කිරීම’ හෙට දිනෙක පසුතැවිලි නොවීමට හේතු වනවා ඇති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැකිල්ලක් වී පාවෙන ඇය සැකිලි සේ පාවෙමින් සිටින මිනිසුන්ට කියා දෙන පාඩම

Next Post

යාපනයේ නගරාධිපති ටෙන්ඩර් මගඩියක… ටී.එන්.ඒ මන්ත්‍රී කෙනෙක්ම පැමිණිලි කරයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.