දිනසේන රතුගමගේ –
යාපනයේ රටකජු වගාවලින් ඉතා ඉහල අස්වැන්නක් මෙවර ලැබී අති බව පවසන යාපනයේ රටකජු ගොවියෝ ඒවා අමුවෙන් විකිණීම නිසා ඉහල ආදායමක් ලැබීමට හැකි වී ඇති බවද කියා සිටිති.
වියළි රටකජු කිලෝවක විකුණුම් මිල රුපියල් 300 ක් පමණ වන නමුත් එක් වියළි රටකජු කිලෝවක් නිපදවීමට අමු රටකජු කිලෝ ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.
නමුත් මේ දිනවල කොරෝනා නිසා නිවෙස් වලට වී සිටින වැසියන් වැඩි වශයෙන්ම තම්බා කෑමට රටකජු මිලට ගන්නා නිසා යාපනයේ රටකජු ගොවීන්ට අමු රටකජු කිලෝවක් රුපියල් 150 කට අලෙවි කරගැනීමට අවස්ථාව උදා වී තිබේ.
යාපනයේ රටකජු වගාව පවුලේ සියලුම දෙනා එකතු වී කරණු ලබන වගාවකි.