රාජ්‍ය සේවය හෙට සිට (01) යළ සක්‍රීය කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග ඊයේ (29) කළ මූලික සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ..
අමාත්‍යවරයා පවසන්නේ අත්‍යාවශ්‍ය රාජකාරිවලට මුල් තැන දෙමින් රාජ්‍ය සේවා කටයුතු සමාන්‍ය පරිදි පවත්වා ගැනීමට බලාපොරොත්තුවන බවය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිතව සේවාව පවත්වාගෙන යන ආකාරය සම්බන්ධව චක්‍රලේඛය අද නිකුත් වීමට නියමිතව තිබේ.