පසුගිය අගොස්තු මාසයේ අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් ඛල නව රෙගුලාසිවලට අනුව අලි ඇතුන් ලියාපදිංචි කිරීම වළක්වාලමින් වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය ඊයේ (29) නිකුත් කළේය.
එමෙන්ම දැනට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින “සුජීවා” නමැති ඇතින්න සහ ඇගේ මාස තුනක අලි පැටවා නොවැම්බර් 23 වනදා තෙක් අයිතිකරුවන්ට හෝ වෙනත් පාර්ශවයකට ආපසු ලබා නොදෙන ලෙස ද අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම සුජීවා නැමැති ඇතින්නද පසුගියදා මහේස්ත්‍රාත් නියෝගයක් මත වනජීවී දෙපාර්තමේ්කුව භාරයේ සිට නිදහස් කිරීමට නියෝග ලැබණු අලි 14 දෙනාගෙන් කෙනකු වන අතර එම ඇතින්න වන ජීවී දෙපාර්තමේනතුව භාරයේ සිටියදී පැටවකු බිහි කර ඇති බැවින් පැටවාගෙන් මව වෙන් කිරීම අලිපැටවාගේ යහ පැවැත්ම කෙරෙහි අහිතකනර ලෙස ලපෑ හැකි බව සඳහන් කරමින් පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල විසින් මෙම නියෝග නිකුත් කළේ පරිසර සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන විසින් ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මෙම නඩුවේ හදිසි හා බරපතලකම සැලකිල්ලට ගෙන අතුරු නියෝගයක් ඉල්ලා සිටි අතර නීති විරෝධීව හා නීති විරෝධීව අලි ඇතුන් ළඟ තබාගෙන සිටි අපරාධකරුවන්ට අලි ඇතුන් ලබා දීම නීති විරෝධී බවත් එය සාධාරණයක් ඉටු නොකරන බවත් ඔහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පෙත්සම්කරුවන් කියා සිටියේ අපරාධකරුවන්ට අලි නැවත ලබා දීමට ගත් තීරණය සියලු දෙනාගේම යහපත උදෙසා ජාතික උරුමයක් පෝෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සහතික කිරීම සඳහා වන අලි ඇතුන්ගේ සංරක්‍ෂණය හා අලි ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවන්ට පටහැනි වන අතර රජයේ මූලික වගකීමට පටහැනි බවය.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවි ආරක්‍ෂක අමාත්‍යාංශය, වනජීවී සංරක්‍ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍ය මණ්ඩලය සඳහන් කර තිබේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන සිටි අලි ඇතුන් 15 දෙනෙකු නීතිවිරෝධී ලෙස වනයෙන් අල්ලා 1937 අංක 2 දරණ සත්ත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥා පනතේ සංශෝධිත විධිවිධානවලට පටහැනිව වංචනික ලියකියවිලි යටතේ සහ ඔවුන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ලක්වූවන් සඳහා මෙම නිදහස් කළ බව පරිසර සංවිධාන චෝදනා කළහ.
හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා වනජීවී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මෙම නව නියාමනයට අනුව හීලෑ අලියෙකු සම්බන්ධයෙන් ලියාපදිංචි වී බලපත්‍රයක් ලබා දීමේ බලය වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට පවරා ඇත.
නීති විරෝධීව අල්ලා ගත් වල් අලි පැටවුන් තුන්වන පාර්ශවයන්ට විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව නීති විරෝධී ලෙස අල්ලා ගත් වන අලි ඇතුන් 40 කට වැඩි සංඛ්‍යාවක් වනජීවි දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කරුණු වාර්තාවක් ගොනු කර තිබුණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නීතිඥ ප්‍රශාන්ති මහින්දරත්න, ශානක අමරසිංහ, ලක්මිණි වරුසවිතාන සහ දිලුමි ද අල්විස් පෙනී සිටියහ. පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ පෙනී සිටියේය