-
සමාකාමී විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් එවැනි බලය යෙදීම වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
අද (22) අළුයම ගාලු මුවදොර පිහිටි ගෝඨාගෝගම පරිශ්‍රයේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක ජෙරමි ලෝරනස් විශේෂ ප්‍රකාශයක් කරමින් මේබව සඳහන් කළේය.
එහිදී ලෝරනස් පවසා සිටියේ ගෝඨාගෝගමේ රැදී සිටි විරෝධතාකරුවන්ට ආරක්ෂ අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි. එමෙන්ම විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම්කාර්යාලයෙන් ඉවත් වීමට නියමිත බවට ප්‍රකාශ කිරීමෙන් පසු විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ නිතීඥයින්ට පහරදීම දැඩි ලෙස හෙලා දකින බවද ජගත් මානව හිමිකම් සංවිධානය සඳහන් කළේය.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශක නිකුත් කළ ප්‍රකශයේ මෙසේද සඳහන් විය,
සිකුරාදා හිමිදිරියේ, බොහෝ විරෝධතාකරුවන් නිදා සිටියදී පොලීසිය සහ හමුදාව ඇතුළුව දෙදහසක් පමණඑම ප්‍රදේශයට කඩා වැදී විරෝධතාකරුවන්ගේ කූඩාරම් ඉරා දැමූහ. ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට පහර දුන් අතර අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇත. විරෝධතාකරුවන්ට පැය කිහිපයක් විරෝධතා භූමියෙන් පිටව යාමට ඉඩ නොදුන් අතර තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි විය.
විශේෂයෙන්ම එම සිදුවීම් පටිගත කිරීමට උත්සාහ කළ කැමරා හෝ දුරකථන රැගෙන ගිය මාධ්‍යවේදීන්ට සහ නීතීඥයින්ට ආරක්ෂක අංශ ප්‍රහාර එල්ල කළ බවත්, අවම වශයෙන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවත් වාර්තා විය. අවම වශයෙන් මාධ්‍යවේදීන් හතර දෙනෙකුට ආරක්ෂක අංශ විසින් පහර දී පහර දී ඇත. ඉන්ද දෙදෙනෙකු රෝහල්ගත කර ඇත. විරෝධතාකරුවන්ට අයත් කූඩාරම්, තොරතුරු තාක්ෂණ උපකරණ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු දේපළ විනාශ කර හෝ රාජසන්තක කර ඇත.
නීතීඥ සංගමය පවසන්නේ නීතීඥයින් දෙදෙනෙකුට ආරක්ෂක අංශ විසින් පහරදුන් බවයි.
මාධ්‍යවේදීන්ට, නීතීඥයින්ට සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට පෙළපාලි නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට අයිතියක් ඇති අතර එම නිසා මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ආරක්ෂා කළ යුතු අතර කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතුය.
සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීම ජාත්‍යන්තර නීතියට පටහැනි වන අතර, එවැනි බලය යෙදවීම වහාම නතර කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. අදාළ ජාත්‍යන්තර නීතිය යටතේ, රැස්කිරීම් විසුරුවා හැරිය හැක්කේ අතිශයින් අවශ්‍ය සහ අපේක්ෂා කරන නීත්‍යානුකූල පරමාර්ථයට සමානුපාතික වන විට අවසාන විසඳුම ලෙස බලය භාවිතා කිරීමෙනි.
විරෝධතා කරුවන්ගේ කඳවුරට වැටලීම මගින් සාමකාම විරෝධතාකරුවන්ට අණතුරු ඇඟවීමේ පණිවිඩයක් යවනු ඇතැයි අපට කනස්සල්ලක් ඇත. ආර්ථික හා දේශපාලන අර්බුදය සහ එය තම ජීවනෝපාය සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව සාමකාමීව ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුද බලහත්කාරයෙන් විසඳිය නොහැක. ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසය යළි ගොඩනැංවීම ආරම්භ කළ හැක්කේ පුළුල් උපදේශන සහ සංවාදයකින් පමණි. සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සැබෑ ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නව ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.