අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මර්දනයෙන් සහ බැටන් ප්‍රහාරවලින් සාමකාමී විරෝධතා යටපත් කිරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොව ෆැසිස්ට්වාදයයි !

by editor
ජූලි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද දින සවස දෙකට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඊට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් මාර්ගයද එම පාලනාධිකාරියට ලබා දෙමින් අරගල කරුවන් යම් සාධනීය පියවරක් ගැනීමට සිටි මොහොතක එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අපි ලිබරල් තරුණ ව්‍යාපාරය දැඩි සේ හෙලා දකී.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති එම ව්‍යාපාරය සිය නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ වූ ගෝල්ෆේස් අරගලය, ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් වුවද පවත්වාගෙන යන්නට අරගලකරුවන් තීරණය කර තිබුණි. ඔවුන් ඒ සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ද ප්‍රකාශ කර තිබු පසුබිමක අද දිනයේ මේ සාමකාමි විරෝධතාවයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අරගලකරුවන් ට සහ දේපල වලට දැඩි ලෙස අලාභහානි සිදු කර ඇත.
මර්දනයෙන් හෝ බැටන් ප්‍රහාරවලින් රටක දේශපාලන ස්ථාවරත්වය ඇති කළ නොහැකිය. දේශපාලන ස්ථාවරත්වය ඇති කළ හැකි එක ම ක්‍රමය සම්මුතීන් ගොඩනැංවීම ම පමණි. මෙවැනි ප්‍රහාර සහ මර්දනකාරී ක්‍රියා පිළිවෙත් නිසා සිදුවන එක ම දෙය රට අස්ථාවරත්වයේ පතුළට ම ඇද වැටීම ය. අත්දැකීම් සහිත, පළපුරුදු දේශපාලනඥයෙකු වන රනිල් වි=ක්‍රමසිංහ මහතාට මෙය නොවැටහීම පිළිබඳව අපි විමතියට පත්වන්නෙමු.

තව කෙනෙකුගේ අදහසක්, මතයක් දරාගැනීම ලිබරල්වාදියෙකුගේ මූලික ලක්ෂණ වන අතර, රනිල් වික්‍රමසිංහ එවැනි ලිබරල් ලක්ෂණයකටවත් අනුකූල නොවීම කණගාටුවට කාරණාවකි. සාමකාමී සහ නිරායුධ විරෝධතාකරුවන්ට පහර දී ශාරීරික හානි සිදුකිරීම ෆැසිස්ට් පාලනයක ලක්ෂණයකි. එමනිස අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසෙන සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකෙන, නීතියේ ආධිපත්‍යය සහතික වන සමාජ වටපිටාවක් ගොඩනැගෙන පරිදි ක්‍රියා කරන ලෙස අපි රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

ඊයේ ජනපති රනිල්ට මුලින්ම සුබ පැතූ ඇමෙරිකානු තානාපතිනිය අද ගෙදරට ගොස් අප්‍රසාදය පල කරයි!

Next Post

සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම ජාත්‍යන්තර නීතියට පටහැනී – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය*

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.