රාජගිරිය ප්‍රදේශයේ දී පසුගිය 2016 වර්ෂයේ සිදුවූ රිය අනතුරක සාක්ෂි වසන් කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය චම්පික රණවකට එරෙහිව ගොනු වී ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ දී එහි සාක්ෂි විභාගය කල් දමන විත්ති පාර්ශවය වෙනුවෙන් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
අද එම නඩුව කැඳවනු ලැබ තිබුනේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේය.
විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නය. ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුවට අදාල ලේඛණ කොටසක් තමන්ට ලැබී නැති හෙයින් නඩු විභාගය පැවැත්වුවහොත් තම සේවාදායකයාට අගතියක් වන බව කියා සිටියේය. නීතිඥවරයා ඉල්ලා සිටියේ එම ලේඛන ලැබෙන තුරු සාක්ෂි විභාගය කල් දමන ලෙසය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් එම ඉල්ලීමට විරෝධය පල කළේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කරන මෙම කරුණ නඩු විභාගයක් කල් තැබීමට තරම් සාධාරණ හේතුවක් නොවන බව පෙන්වා දුන්නේය.







