ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සංචාරයක නිරත වන විට කණ්ඩායමේ සියලු දෙනාටම එකම විදියේ ඇඳුම් හා බෑග් ලබා දීම සිරිතකි.
ඕනෑම විදෙස් කණ්ඩායමකද එය චාරිත්රයකි. විනය පිළිබඳ පිළිබිඹුවකි.
එහෙත් දැනට ලංකා පිල සමග වේග පන්දු යැවීමේ පුහුණු උපදේශකයකු ලෙස ඕස්ට්‍රේලියාවේ සිට්න ලසිත් මාලිංග භාවීතා කරනුයේ මුම්බායි ඉන්දියන් ගමන් බෑගයකි.
මෙයට හේතුව එක්කෝ ක්‍රිකට් ආයතනයේ ගමන් බෑග් ඉවර වී තිබීමය.
නැතිනම් මාලිංග ඕනෑකමින් තවමත් තම පැරණි ස්වාමියා වන මුකේෂ් අම්බානිගේ මුම්බායි ඉන්දියන් ප්‍රමෝට් කරන්නට අමතක නොකිරීමය.







