සුජිත් හේවාජුලිගේ –
අමාත්‍යාංශයට යළි යෑමට බලාපොරොත්තුවක් නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසීය.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
විවිධ හේතු මත තමා සිටින්නේ දැඩි කලකිරීමක බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්න සැලකිල්ලට ගෙන තමා අමාත්‍යාංශයෙන් බඩුමුට්ටු පවා ඉවත් කරගත් බවද ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යාංශයට මෙවර අය වැයෙන් ලැබුණු බිලියන 10 ක මුදල් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදා හැරීමට එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි කියන සිද්ධියක් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාගේ කළකිරීමට හේතුව බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම නිමල් ලංසා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ පිළිවෙළින් ඉවත් කිරීමද ඔහුගේ කලකිරීමට තවත් හේතුවක් බව දැනගන්නට ඇත.







