නව ආණ්ඩුවේ ඇමති ධුර භාර නොගෙන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම සඳහා පූර්ණ සහයෝගය දක්වන බව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නායකයින් අද (16 ) උදේ අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන්නේය.
ඔවුන් මෙම දැනුම්දීම කර ඇත්තේ අග්‍රමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා ඒ හරහා රජයේ වැඩකටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු 10ක් ද මූල්‍ය කමිටු 05ක් ද පිහිටුවා ඒවායේ සභාපති ධුර ඇමති තනතුරු ලබා නොගන්න පක්ෂවලට ලබා දෙන බවටත් කඩිනමින් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ජනතාව මේ වනවිට මුහුණපා සිටින මූලික ප්‍රශ්නවන ගෑස්, ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා ගැනීම සඳහා මිතුරු රටවල් සමග සාකච්ඡා කරමින් ඇති බවත් එය ඉක්මනින් කළ හැකි බවටත් අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පල කර ඇත.
ඉන් පසු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව සමග කතා කර රට පිළිබඳව කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනබවත් කී අගමැතිවරයා රට නිශ්ඡිත කාලයක දී ස්ථාවර වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර තම තමන්ගේ දේශපාලනය කරගත හැකි පරිදි මහා මැතිවරණයකට යන බවත් පවසා තිබේ.







