නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානම වගකීම වන මුදල් අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ම දැරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය ධුරය දැරූ අලි සබ්‍රි නව රජය යටතේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත්, ආර්ථිකය සම්බන්ධ සැලසුම් සහිතව පාර්ලිමේන්තුව තුළ විශාරද දැනුමක් නිරූපණය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා දේශපාලන හේතුමත මුදල් අමාත්‍ය ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
අග්‍රමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධුරය තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැය ද එම ධුරය ඔහු වෙත ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.







