නීති විරෝධී විනියමය ජාවාරම් කිරීම සඳහා යුරෝ 50000ක මුදලක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙක් පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.
මේ දෙදිනක් තුළ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් තුන්වන නීත්‍යානුකූල නොවන විනිමය ගනුදෙනුවල නිරත තුන්වන තැරැවු කරුවාය.
ඊයේ ඩොලර් 47 000ක් සමග බොරලැස්ගමුව පොලිස් වසමින් මෙවැනි තැරැව්කරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනුණි. ඔවුන් විදේශගත වී යළි දිවයිනට පැමිණි පුද්ගලයින් ලඟ ඇති ඩොලර් එකතු කර නීති විරොධී විනියම ජවාරමේ යෙදෙන පුද්ගලයින් වෙත කොමිස් මුදල් සහිතව ලබා දෙන තැරැව්කරුවන්ය.
පොලිස් විශේෂ කාර්යය බළකා විශේෂ මෙහෙයුම් අංශයට ලද තොරතුරක් මත ඊයෙ (15) සිදුකළ වැටලීමකදි යුරෝ 50,000 මුදලක් සමග තුන්වන සැකකරු අත්අඩංගුවට ගන්නේ බොරලැස්ගමුව පොලිස් වසමේදීමය. ඔහු පුංචි බොරැල්ලේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
එම විදෙස් මුදල් තොගයේ වටිනාකම මෙරට මුදලින් එක් කෝටි අසූ හය ලක්ෂ හැට නව දහසකි. මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කිරුළපන නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.
මේ වනවිට නීත්‍යානුකූල නොවව විනිමය ජාවාරමේ යෙදෙන ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් වී ඇති අතර එම තොරතුරු මත අඛණ්ඩ අත්අඩංගුව ගැනීම් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් හරහා මෙම නීති විරෝධී ජාලය හෙළි කරගෙන සියලුම ප්‍රධාන ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම්වන බව වාර්තා වේ.







