සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමුගත් වෝන් ගැන අපේ ක්‍රිකට් පුරාවෘතයක් වූ පාලිත පෙරේරාගේ මතකය….

by editor
මාර්තු 5, 2022
in පුවත්
worn
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ඔස්ට්‍රේලියානු ජාතිකයන්ටත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රේමීන්ටත් දින දෙකක් ඇතුළත අසුභ ආරංචි යුගලයක පහරකට ලක් වන්නට සිදුවුණා. මාර්තු මාසේ 4 වෙනිදා ඔස්ට්‍රේලියාව බිහිකරපු අති දක්ෂ විකට් රකින්නකු වූ රොඩ් මාෂ් හෘදයාබාධයකින් මියගියා. ඔහුව හැඳින්වූයේ “අයන් ග්ලවුස්” (යකඩ අත් ආවරණ) ඇත්තා හැටියට යි. එසේ ඔහුව හැඳින්වූයේ කිසිම පන්දුවක් රොඩ් මාෂ් අතින් ගිලිහී නොයන නිසයි.

ඔහු මියගොස් පැය විසි හතරක් යන්නටත් කලින් ඔස්ට්‍රේලියාව ආදරේ කළ  ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් මාර්තු 5 වැනිදා අලුයම තායිලන්තයේ පිහිටි සිය නිවාඩු නිකේතනයේ දී  හෘදයාබාධයකින් මියයාම ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාලෝලීන් කෙසේ දරා ගත්තේදැයි මට සිතාගත නොහැකියි. ෂේන් වෝන්ගේ අවමගුල  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නුවර දී රාජ්‍ය ගෞරව සහිත ව සිදු කළ යුතු බවට එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබුණා.

ෂේන් වෝන්ට හෘදයාබාධය ඇති වූ අවස්ථාවේදී ඔහු වටා සිටි මිතුරන් කෘත්‍රිම ස්වසනය දෙමින් විනාඩි විසිපහක පමණ කාලයක් ඔහුව නැවත පණ ගන්වන්නට උත්සාහ දරා තිබුණා. ගිලන් රථයක් පැමිණ රැගෙන යද්දී ඔවුන් ද උත්සාහ  උත්සාහ ගෙන තිබුණා. නමුත් රෝහලේදී නිවේදනය කරනු ලැබුවේ ඒ වන විටත් වෝන් මිය ගොස් ඇති බවයි.

ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට ෂේන් වෝන් ව මා වර්ග කරන්නේ මේ ලෝකයේ දුටු විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා හැටියටයි. ඔහු පන්දු යවන අයුරු ශ්‍රී ලංකාවේදී  මගේ මේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒ නිසා ඔහුගේ පා දඟ පන්දුවල තිබුණු විස ගතිය ප්‍රතිවාදී පිතිකරුවන්ට කොතරම් නම් හානිදායක වුණාද කියා මා දැක තිබුණා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ෂේන් වෝන් 2007දී ටෙස්ට් ක්‍රීඩා දිවියෙන් සමුගත්තා. ඒ වනවිට ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ145ක ක්‍රීඩා කර  කඩුලු 708 ක් ලබාගෙන තිබුණා. ඒ අනුව ඔහු ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභීන් අතර දෙවැන්නා යි. ප්‍රථමයා ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් බව අපි දන්නවා. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 800 යි.

ෂේන් වෝන්ට බොහෝ අය කතා කළේ “වෝනි” කියා යි.

සියවසේ පන්දුව

වෝනිගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ ස්ථාන කීපයක් මට සලකුණු කළ හැකියි. එහි ප්‍රධාන ම දේ තමයි ෂේන් වෝන්ගේ එංගලන්ත චාරිකාවේ අළුබදුන ටෙස්ට් තරගාවලියේ ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ඔහු ව පන්දු යවන්න කැඳෙව්වේ දෙවැනි දිනයේදී යි. ඒ 1993 ජූනි 04 වැනිදා යි.

එංගලන්තයේ මැන්චෙස්ට් නුවර ඕල්ඩි ට්‍රැෆර්ඩි ක්‍රීඩාංගණයේදී මේ තරගය පැවැත්වුණා. ඔහු පළමුවෙනි ඕවරයේ පළමුවෙනි පන්දුවෙන් ම ඔහුගේ ජීවිතයේ අතිවිශිෂ්ට විකට්  එකක් ලබා ගත්තා. එංගලන්ත නායක දක්ෂ පිතිකරුවකු වූ මයික් ගැටිංගේ විකට්ටුවයි ඒ.    ෂේන් වෝන් ඒ අවස්ථාවේ යැවූ පන්දුව ලොව පුරා සිටින ක්‍රිකට් විස්තර විචාරකයන්  වර්ග කරන්නේ ශත වර්ෂයේ පන්දුව ලෙසයි.

මයික් දකුණතින් පිත්ත හසුරවන ක්‍රීඩකයෙක්. ෂේන් වෝන් යැවූ පාදඟ පන්දුව මයික්ගේ පාදයේ පිටිපසට අඟල් 12 ක් පමණ ඈතින් පතිත වෙනවත් සමගම  තමාගෙන් ඉවතට යන පන්දුවක් කියා සිතා මයික් පන්දුවට පහර ගැසීමේ සිතුවිල්ල අතහැරියා. නමුත් පන්දුව බිම පතිත වූ තැනින් අඟල් 24ක පමණ දඟයක් කවාගෙන පාඉන්න පැත්තේ ඉඳලා කැරකිලා ගිහිල්ලා මයික්ගේ ඕෆ්ස්ටම්ප් එකේ උඩ වැදුණා.

මේ දඟ කැවීම හරිම පුදුමාකාරයි. ඒ තමයි ෂේන් වෝන්ගේ එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් දිවියේ පළමු විකට්ටුව. ඒ අවස්ථාවේ මයික් වගේ ම පන්දු යවන්නාගේ විකට්ටුව අසල ඉන්නා, විනිසුරු ලෙස ඒ අවස්ථාවේ සිටි ලෝකප්‍රකට ක්‍රිකට් විනිසුරු ඩිකී බර්ඩි විශ්මයෙන් බලාගෙන හිටියා. ඒ නිසා ඒ දඟ කැවීම වර්ග කරන්නේ ශතවර්ෂයේ පන්දුව හැටියට යි.

ලෝකයේ ක්‍රිකට් පිළිබඳ ලියැවෙන   එන්ගලන්තයේ විස්ඩන් සඟරාව කවුරුත් නම් කරන්නේ ක්‍රිකට් බයිබලය කියා යි. ඒ තරම් ගෞරවනීය ස්ථානයක්  1850 ඉඳලා මේ විස්ඩන් සඟරාවට ලැබිලා තියෙනවා. එම සඟරාව විසින් විසිවන ශතවර්ෂයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනා නම් කරනු ලැබුවා. ඒ අතරට ෂේන් වෝන් ඇතුළත් වුණා.

ෂේන් වෝන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන්නුවර  අසල තියෙන විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය වන එම්. සී. ජී. ක්‍රීඩාංගනය ආසන්නයේ උපන් කෙනෙක්. මගේ දරුවන් වෙසෙන්නෙත් ඒ ආසන්නයේ නිසා මා නිතර එහි ගොස් තිබෙනවා. එම ක්‍රීඩාංගනයේ 1994 පැවති අළු බඳුන තරගාවලියේ දී එංගලන්තයට එරෙහි ටෙස්ට්  තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ප්‍රථමයා වන්නේත් ෂේන් වෝන් ම යි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු පනස් දෙකකට ලබාගත් විකට් 7  ඔහුගේ පා දඟ පන්දු යැවීමේ විශිෂ්ට බව ලොව ප්‍රකට කරවනවා.

කළු පැල්ලම්

මේ තරම් ප්‍රදර්ශනශීලී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් ෂේන් වෝන්ගේ චරිතයට කළු පැල්ලම් දෙකක් එකතු වී තිබුණා. එකක් තමයි 1998 දී ඔහු ඔට්ටුකරුවන් සමග එකතු වී එදා තරඟය පවතින තණතිල්ලේ ස්වභාවයත් එහි තරගය පවත්වන විට තිබෙන කාලගුණික තත්ත්වය පිළිබඳවත් තොරතුරු දුරකථන මාර්ගයෙන් ඔත්තු ලබන්නන්ට ලබා දීලා තිබුණා. එය හසු වීමෙන් ඔහුට විශාල දඩයක් නියම කරනු ලැබුවා.

2002 වසරේදී ඔහුගේ මවගේ ඉල්ලීමට ඔහු සිය ශරීරයේ වතුර ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ඖෂධයක් ලබා ගත්තා. ඒ ඖෂධය ක්‍රීඩා ඖෂධ ප්‍රඥප්තිය අනුව ක්‍රීඩකයන්ට ගැනීම තහනම් කර තිබුණා. ඒක ගත්ත බව දැනගත්තට පස්සේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මන්ඩලය විසින් ෂේන් වෝන්ට දීර්ඝ කාලීනව තරග තහනමක් පැනවූවා.

ෂේන් වෝන් 2007දී සිය ක්‍රීඩා දිවියට විශ්‍රාමය තබුවා. ඊට පසු ක්‍රිකට් පුහුණුකරුවෙකු හැටියටත්, ක්‍රීඩා  විස්තර විචාරකයෙකු හැටියටත් ඔහු කටයුතු කළා. ක්‍රිකට් විස්තර විචාරයේදී ක්‍රිකට් පිළිබඳ ව ඔවුන්ගේ තිබුණු අභ්‍යන්තර දැනුම විශ්ලේෂණය ඉතාමත් ම ප්‍රශංසනීය යි. ඒ වගේම අයි පී එල් තරඟාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් මුල්කාලයේදීත්, පසුව එහි  උපදේශක ලෙසත් ඔහු කටයුතු කළා

දඟ පන්දු ආයුධ

ෂේන් වෝන්ගේ දඟ පන්දු යැවීමේ ආයුධ තුනක් තිබුණා. ඔහු ඉතාමත් ම වේගයෙන් දඟ පන්දු යවන කෙනෙක්. මේ තරම් වේගයෙන් දඟ පන්දු යැවීමට විස්කම් පාන පා දඟ පන්දු යවන්නෙක් ලෝකයේ තාමත් මම දැකලා නැහැ. ඒ වේගය නිසාම තමයි බොහෝ පිතිකරුවන්ට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යාමට සිදු වුණේ.

ඔහුගේ flipper පාපන්දුව තණ නිල්ලේ වැදුනට පස්සේ ඉහළ යන්නේ නෑ. අඩියක් පමණ ප්‍රමාණයකට තමයි ඉහළ යන්නේ. ඔහුගේ ගුග්ලි පන්දුව මුදා හරිද්දි අත කැර කවන්නේ පාදඟ පන්දුවක විලාශයෙන් වුණත් තණ තිල්ලෙ පන්දුව පතිත වුණාට පසුව පන්දුව දඟ  කැවෙන්නෙ පිට දඟ ,ඕෆ් බිරේක්, ලෙසටයි.

අනික් පන්දුව වන්නේ රෝං අන් පන්දුවයි. මේ පන්දු විශේෂ තුන ම ඔහුගේ අතිශය විස සහිත පන්දු තුනක් ලෙස පිතිකරුවන් දැන සිටියා.

අර්ජුන – වෝන් ගැටුම

අර්ජුන රණතුංග සමඟ ක්‍රීඩා පිටියේදී ෂේන් වෝන් නිතර කේන්ති ගත්තා.  1996 ලෝක කුසලාන  අවසාන මහා තරගයේ දී ෂේන් වෝන් යැවූ පන්දුවකට අර්ජුන රණතුංග පෙරළා පහර ගැසූ පසු ඒ පන්දුව පෙරලා පන්දු යවන්නා වෙත ආවේ උඩපන්දුවක් හැටියටයි.

ඒ වෙලාවේ තමන්ගේ හිසට උඩින් යන මේ උඩපන්දුව ඇල්ලීමට අත්දෙක ම අහසට විසි කරල එසවූ නමුත් ඔහුගේ ඇඟිලි අතරින් පන්දුව හිලිහී හතරේ සීමාව දක්වා ගියා. ඒ අවස්ථාවේ අර්ජුන සිය දෙතොල් අතර දිව තදකර කටින් වාතය ශබ්ද නගා පිට කළ බවට ඕස්ට්‍රේලියානු ටැබ්ලොයිඩ් පත්තරවල පළවෙලා තිබුණා.

මේ ගැන මම සොයා බැලුවත් එහි සත්‍ය බවට තොරතුරක් හොයාගන්න මට ලැබුණේ නෑ. නමුත් මේක ඔස්ට්‍රේලියාවේදී  ප්‍රකට විහිලුවක් බවට පත්වෙලා තිබුණා.

ෂේන් වෝන්ගේ අභාවය දක්ෂතම දඟ පන්දු යවන්නන්ගේ අඩුව ලෝකෙට කියාපාන අතිශය කනගාටුදායක සිද්ධියක් ලෙස මා දකිනවා. ඒ වගේ ම සුනාමියෙන් පසුව ඔහු ලංකාවට ආව වෙලාවේ ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය සුනාමියෙන් හානියට පත් වූ අයුරු දැක බොහෝ සේ කණගාටුවට පත් ව එය නැවත ගොඩනැගීම සඳහා  ඔහුගේ සහායත් ලබා දුන්නා. ඔහුට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේත් නොමද ආදරය හිමි වුණා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැන්  වරායෙ ඉන්ධන නැව් තදබදයක්… අඟහරුවාදා වෙන විට සියලු බලශක්ති ප්‍රශ්නය ඉවරයි… සභාපති කියයි!

Next Post

  69 ලොවෙත් නෑ… රටේ 94% රට කරවන හැටි ගැන අතෘප්තියෙන්… 90%  ආණ්ඩුවට කැමති නෑ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.