ඉන්ධන නැව් කීපයක් එකවර වරායට පැමිණීමෙන් ඇති වූ තදබදය හේතුවෙන් ඉන්ධනවල දැඩි හිගයක් මතුවිනැයි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ සඳහන් කරයි.
මේ වන විට කොළම වරායේ දි ඉන්ධන තොග ගොඩ බෑමට පටන් ගෙන ඇති බැවින් සදුදා සහ අඟහරුවාදා වන විට දැනට පවතින ඉන්ධන හිඟය මගහැරෙනු ඇතැයි ඔහු පැවසීය.
විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් ලබා දීමට කටයුතු කරන බැවින් විදුලිබලය කප්පාදුවටද පිළියම් ලැබෙනු ඇතැයි ලේකම්වරයා පැවසීය.
කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග නලමගින් ලබා දීම හෙට(6) දිනයේදී සිදුකිරීමට නියමතය.







