-
පසුපෙළ මන්ත්‍රීවරු හදන්නෙ පළපුරුදු දේශපාලකයින් පන්නලා ආණ්ඩුව ඇතුළෙ වැජඹෙන්න…
-
ආණ්ඩුවක් ඇහුම්කන් දිය යුතුයි… අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ…
-
මිනිස්සුන්ට ඇහුම්කන් නොදෙනකොට මිනිස්සු පාරට බැහැලා කියනවා. දැන් වෙන්නෙ ඒක…
ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වන කර්මාන්ත ඇමති විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍යා උදය ගම්පිල කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙක් මෙන්ම ප්‍රමුඛ අනුශාසකයෙක් ද වූ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සමස්ථ ලංකා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිටින්නේ නොසන්සුන්වය. මේ පිළිබඳව අපි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග කෙටි සංවාදයක නිරතවීමු.
මේ අප නැගූ ප්‍රශ්නවලට උන්වහන්සේ ලබා දුන් පිළිතුරුය.
ප්‍රශ්නය – විමල් වීරවංශ සහ උදයගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත්කිරීම පිළිබඳව ඔබ වහන්සේගේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර – රට පාලනය කරන වත්මන් දේශපානලය පක්ෂය බලයට ගෙන ඒ්මට මහින්ද සුළඟ , රට රකින ජනහඞ වැනි සංවිධාන එකතු වෙලා කටයුතු කළා. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයෙන් තමයි මේ සටන ආරම්භ කළේ. ආණ්ඩුව බලයට පත් කරන්න දාහඩිය කදුළු හෙලපු නායකයන් ඉවත් කරන්න කටයුතු කරනවා. හරියට හොද්දට දාපු කරපිංචා කොලේ වගේ මිනිස්සු ඉවත දැමීම සදාචාර සම්පන්න නැහැ. මෙහෙම ඉවත් කරන්න කලින් කැඳවලා සාකච්ඡා කරන්න තිබුණා. එහෙම කිසිම දෙයක් නැතිව මෙහෙම කරනවා නම් ඒක අපිට කිසිසේතම අනුමත කරන්න පුලුවන්කමක් නැහැ.
ප්‍රශ්නය – මේ අයව පක්ෂයෙන් නෙරපුවේ කාගේ හෝ බලපෑමක් මත කියලා හිතනවාද?
පිළිතුර – කාගේ හරි උපදෙස් මත තමයි මේ දේ සිදුවෙන්න ඇත්තේ.
ප්‍රශ්නය – ඒ උපදෙස් ලැබුණේ කාගේ ද කියලා හිතන්න පුලුවන්ද?
පිළිතුර – අපි ඒවා වෙලාවට එළිකරනවා.
ප්‍රශ්නය – ඇයි දැන් ඒකට කාලය නෙවෙයිද?
පිළිතුර – නැහැ තව ටිකක් බලමු
ප්‍රශ්නය – මේ වන විට ආණ්ඩුව හරිමගට ගෙන ඒම සදහා කටයුතු කරන දේශපාලන නායකයින්ට විරුද්ධව ආණ්ඩුව විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ ගැන මොකක්ද හිතන්නේ?
පිළිතුර – ආණ්ඩුව බලයට ගෙන ඒමට උත්සාහ කළ සෑම කෙනෙකුම ආණ්ඩුව රැකගන්න ආණ්ඩුව හරිමගට ගන්න උත්සහ කරනවා. මේ අය ආණ්ඩුව පෙරලන්න උත්සහ කරනවා නෙවෙයි. ඒක පාලකයින් තේරුම් ගත යුතුයි. ආණ්ඩුව පෙරළලා අපිට යන්න තැනක් නැහැ. අපිට ගොඩ එන්න තියෙන්නේ මේ ළිං කටමයි.
ප්‍රශ්නය – ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මේ වන විට ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා. මෙය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?
පිළිතුර – පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් මේ ආකාරයට දැඩි විරෝධයක් මතුවෙන්නේ ඒ අයට හිතනවා ඇති මේ වගේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හිටියොත් තමන්ට තැනක් නැහැ කියලා. ඒ නිසා ඒ අයව එළවලා පසුපෙළ මන්ත්‍රීවරුන් තැනක් ගන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්
ප්‍රශ්නය – වත්මන් රජය හැමදාම ගැටලු වලට මුහුණ දෙනවා. ඇයි මේ වගේ ගැටලු ආණ්ඩුවට මුහුණ දෙන්න සිදුවුණේ?
ප්‍රශ්නය – ගැටලුවක් විසදා ගත යුතු වන්නේ සාකච්ඡා සම්මුති මාර්ගයෙන් . ආණුඩුව ඒ සඳහා කරන කැපවීම ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි මේ වගේ ගැටලු ඇතිවෙන්නේ. බලයේ සිටින රජයකගෙන් අඩුපාඩු සිදුවෙනවා නම් ඒ ගැන කියා දෙන්න ජනතාවට අයිතියක් තියෙනවා. ජනතාවට තියෙන අයිතිය තමයි දැන් ඔවුන් පාරට බැහැලා ප්‍රකාශ කරන්නේ.
ප්‍රශ්නය – මේ රට ගොඩ ගන්න භික්ෂූන් වහන්සේලා ඉදිරියට ආයුතු කාලය එළඹිලා තියෙනවා නේද?
පිළිතුර – අපි කියන ඒවා අහන්න කෙනෙක් නැහැ. මට අපේ භික්ෂූන් වහන්සේ කෙනෙකු ඊයේ රෑ කතා කළා. උන්වහන්සේ කියනවා අපිට දැන් එපා වෙලා තියෙන්නේ කියලා. මොකද අපි කියන කිසිම දෙයක් පාලකයින් අහන්නෙත් නැහැ. අහන්න කෙනෙකුක් නැහැ කියනවා. අපි බලමු මේ රට ගොඩ ගන්න ඉදිරියට මොකක්ද වෙන්නේ මොකක්ද කරන්න පුලුවන් වෙන්නේ කියලා.







