අද දින සවස ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමය ගමින් මෙහෙයවන ලද පොළපාලිය නීති විරෝධී බවත් එම නීති විරෝධි පෙළපාළිය විසුරුවා හැර එහි සාමාජිකයන් 83 දෙනෙක් අතඅඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර දෙසට විරෝධතාකරුවන් පෙළපාළිය ආරම්භ කිරිමත් සමග එම නීති විරෝධී පෙළපාළිය 1865 අංක 16 දරන පොලිස් ආඥා පනත අනුව ඊට විසිර යෑමට නියෝග කර එම නියෝග නොපිළිපැදීම හේතුවෙන් පුද්ගලයින්ට බාධා පැමිණෙන බැවින් ද අධිආරක්ෂිත කලාපවලට ඇතුළුවීමට උත්සාහ කළහොත් හා පොදු දේවලවලට හානිකිරීමට කටයුතු කළහොත් ඇතිවන අවධානම ගැන සලකා බැලීමෙන් ද මෙම පෙළපාළිය විසුරුවා හැර පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිසි කියයි.
මෙම සිද්ධිය සම්බන්ධව කොළම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පරීක්ෂණ කරන බවද පොලිස් මූලස්ථානය දන්වයි.







