කම්කරු ඇමැති මනුෂ නානායක්කාර ගේ උපන්දිනය අදට යෙදී තිබුණු අතර ඔහු තම උපන් දිනය කම්කරුවන් සමග සැමරීම විශේෂයක් විය. අද ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල ප්‍රදේශයේ කටයුතු කිහිපයකට ගිය ඇමතිවරයා තල්ගස්වල වත්තේදී සිය උපන් දිනය සැමරුවේ කේක් ගෙඩියක් කපා ඔවුන්ට සංග්‍රහ කිරීමෙනි.







