අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා ඇතුලු සිව් දෙනාට නොතීසි නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා සමඟ අත්අඩංගුවට ගෙන, වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ වැටුප ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙනි.
මෙම වසරේ මාර්තු මස 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයාගේ සම්පූර්ණ වැටුප සහ හිමිකම් ගෙවන ලෙස ඉකුත් මැයි 18 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි.
එම නියෝගය පිළිපැදීමට අපොහොසත් වුණු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්.විරසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.එස්.මෙන්ඩිස් සහ සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර යන නිලධාරීන්ට නොවැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කළේය.







