දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව නතර කළ නොහැකි බව විශේෂඥවරුන් පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ නිලධාරීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට මේ බව දැනුම් දී ඇත.
දිගින් දිගටම ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වී ඇති බවද ඔවුන් කාරක සභාවට අවධාරණය කර තිබේ.
මෙම ජලකාන්දුව වැළක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද එම නිලධාරීන් වැඩිදුරටත් කාරක සභාවට දැනුම් දී ඇත.







